Sunday, September 4, 2016

මවු මරණ අඩු ශ්‍රී ලංකාව ආසියාවේ පළමු තැනට

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මෙහෙයවීමෙන් ප්‍රසව හා නාරිවේද සංගමයේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව නිකුත් කරන ලද 2015 මාතෘ මරණ විමර්ශන වාර්තාව මේ වනවිට එළිදක්වා තිබේ.
ඒ අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාවේ මවු මරණ 113 ක් වාර්තා වූ අතර ජාතික මාතෘ මරණ අනුපාතිකය සජීවී දරු උපත් ලක්ෂයකට 33.7 කි. මෙය දකුණු ආසියා කලාපයේ හොඳම මාතෘ මරණ අනුපාතිකය වේ. එය ඉහළ ආදායම් ලබන රටවල දර්ශකවලට සමාන මට්ටමක පවතී. පසුගිය වසර කිහිපය පුරාම මේ මට්ටම සමානව තිබීම ද විශේෂත්වයකි.
මිය ගිය මවුවරුන් අතරින් 28 ක් හෘද ‍රෝග හේතුවෙන් මරණයට පත්වූවෝ ය. ශ්වසන ‍රෝග හා වෙනත් සර්වාංග රෝග හේතුවෙන් 55% ක් මරණයට පත්ව සිටිති‍රෝග හා වෙනත් සර්වාංග රෝග හේතුවෙන් 55% ක් මරණයට පත්ව සිටිති. රක්තපාතය ගබ්සා, ගර්භ රුධිර ප‍ීඩනය හා ආසාදන නිසා සිදුවන මරණ විශාල ලෙස අඩු වී තිබේ.
අනවශ්‍ය ගැබ් ගැනීම්, පවත්නා රෝග තත්ත්ව නොසලකා හැරීම, හදිසි රෝග තත්ත්ව වලදී ඉක්මනින් රෝහලට නොපැමිණීම නිසි පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා නොකිරීම, වෛද්‍ය උපදෙස් පිළිනොපැදීම හා මාතෘ සත්කාර සේවාවේ ඇතැම් අඩු පාඩු මෙම මරණවලට හේතු වී ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.
මාතෘ මරණවලින් උගත් පාඩම් ක්‍රියාවට නැංවීම් විධිමත් වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනටමත් අරඹා ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හා මාතෘ මරණ විමර්ශන ක්‍රියාවලියේ සම්බන්ධීකාරක කපිල ජයරත්න මහතා පවසයි.
ගැබිනි සමයේ දියවැඩියාව, හෘද ‍රෝග කළමනාකරණය, ඉන්ෆ්ලුවන්සාව හා නිව්මෝනියාව වැළැක්වීම හා ප්‍රතිකාර කිරීම ඉන්ෆ්ලුවන්සා ප්‍රතිශක්තිකරණය ගැබිනි මවුවරුන්ට ලබාදීම, රුධිර පාරවිලයන සේවා වැඩි දියුණු කිරීම, හදිසි අවස්ථාවල වහාම රෝහල්ගත වීම පිළිබඳ මවුවරුන් දැනුවත් කිරීම හා අවශ්‍යතාව අනුව විශේෂඥ වෛද්‍යවරුන් පත් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රාශියක් මෙම වැඩසටහනට ඇතුළත් වේ 

No comments:

Post a Comment