Thursday, September 1, 2016

මැතිව්ස් ආබාධයකට - ධනංජයගෙන් වාර්තාවක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට දකුණු පාදයේ කෙන්ඩේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුවිය. ඔහු ආබාධයකට ලක්වෙන විට නොදැවී ලකුණු 28ක් රැස්කරගෙන සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු තුන ලකුණු 31කට බිඳ වැටුණු අවස්ථාවේදී පිටියට පිවිසි මැතිව්ස් ආරම්භක පිතිකරු ධනංජය සිල්වා හ එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු නොබිඳුණු ලකුණු  84 ක සබඳතාවක් ගොඩ නැංවිය.
කෙසේ වෙතත් මැතිව්ස් පිටියේ ඉවත්වී තවත් පන්දු 10ක් තුළ ධනංජය ද සිල්වා දැවී ගියේය. ඔහු ලකුණු 76ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව ඉනිම ආරම්භක කළ පළමු අවස්ථාවේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පළමු ක්‍රීඩකයා ලෙසින් ධනංජය මෙම තරගයේදි වාර්තා අතරට එක්විය. මීට ඉහතදී සමන් ජයන්ත ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් ලකුණු 74ක් රැස්කර තිබුණි. ඒ 2004 වසරේදීය. දකුණත් පිතිකරුවෙකු වූ සමන් එක්දින තරග 17කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබුණි.
සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට ආරම්භක පිතිකරු ධනංජයද සිල්වා මීට සුළු මොහොතකට පෙර සමත්විය. ධනංජයගේ පස්වැනි එක්දින තරගය මෙය වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23ක් අවසානයේ කඩුලු තුනකට ලකුණු 86ක් රැස්කරගෙන සිටියි. නොදැවී ක්‍රීඩා කරන ධනංජය ලකුණු 55ක් හා නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 17ක් රැස්කරගෙන සිටිති. සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ අවික්ෂ  ප්‍රනාන්දුට ලකුණු  රැස්කිරීමට නොහැකි විය. 

ඔස්ට්‍රේලියා කණ්ඩායම සමගින් පැවැත්වෙන තිරණාත්මක සිවුවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදිමට තීරණය කළේය.්‍
දඹුල්ලේ පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් තුනකින් යුතුව මෙම තරගයට අවතීරණ වෙයි. ඒ විශ්‍රාම ගත් තිලකරත්න ඩිල්ෂාන්, තෙවැනි තරගයට ක්‍රීඩා කළ සීක්කුගේ ප්‍රසන්න හා ධනුෂ්ක ගුණතිලක වෙනුවට ඇන්ජලෝ පෙරේරා, සචිත් පතිරණ හා අවිෂ්ක ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවමිනි.

සචිත් පතිරණ

No comments:

Post a Comment