Thursday, September 1, 2016

ජනපති වෙබ් අඩවිය හැක් කර ඇත්තේ බංගලිදේශ හැකරුන්

ජනපති වෙබ් අඩවිය හැක් කර ඇත්තේ
බංගලිදේශ හැකරුන්

ලංකාවෙ සිසුවා පසුව නිවේදනේ දාලා

පසුගියදා ආන්දෝලනයක් ඇති කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවිය හැක් කිරීමේ සිද්ධියට අදාළව අන්තර්ජාලය තුළ සිදුවන තාක්ෂණික කථාබහ ඔස්සේ මේ වනවිට තොරතුරු රැසක් අනාවරණයවී තිබෙනවා.
මෙම ක‍්‍රියාවලියට ඇත්තටම සම්බන්ධවී ඇත්තේ බංග්ලාදේශ හැකර් කණ්ඩායමක් බවත් මුල්වරට සිකුරාදා ඔවුන් වෙබ් අඩවිය හැක් කිරීමෙන් පසුව ඔවුන් හා සම්බන්ධතා තිබුණ පාසල් සිසුවා හා ග‍්‍රැෆික් නිර්මාණ ශිල්පියා ඔවුන්ගෙන් වෙබ් අඩවියට ප‍්‍රවිශ්ට විමේ තොරතුරු ලබාගෙන 
නැවත එයට ඇතුළුවී උසස්පෙළ කල්දැමීම ඇතුළු ඉල්ලීම් සහිත නිවේදනය ටයිප් කර ඇතුළ් කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙම හැකර් ප‍්‍රහාරය සිදු කර ඇත්තේ ජනපතිගේ වෙබ් අඩවිය පවත්වා යන වර්ඞ්ප්‍රෙස් නමැති තොරතුරු කළමණාකරණ පද්ධතියේ යාවත් කිරීම ප‍්‍රමාදවූ ඇඩොනයක් හැක් කිරීමකලින් කලට තාක්ෂණිකව යාවත්කාල කළයුතු එම පද්ධතිය පවත්වායන අය විසින් කාලයක් තිස්සේ එම යාවත් කාල කිරීම අතපසුකිරීම නිසා පහසුවෙන් හැකරුන්ට පද්ධතියට ඇතුළ්වන්නට හැකියාව ලැබී ඇත.
බංග්ලාදේශයේ සිට ක‍්‍රියාත්මක වන ටීම් සීසී නමැති හැකර් කන්ඩායම වෙනුවෙන් ස්කයිඩි කාන් නම් ඇති පුද්ගලයා මෙම හැකර් ප‍්‍රහාරය දියත් කර පළමු දිනයේ ටීම් සීසී විසින් ප‍්‍රහාරයක් සිදු කළ බව දැනුම්දීම පමණක් කර තිබුණි. 
යකඩයා ෆෝරම් සමග සබඳතා පවත්වන ඔවුන් වෙත එම ෆොරමයේ සිටින අදාළ පාසල් සිසුවා පණිවිඩයක් යවා ජනපතිගේ වෙබ් අඩවියට ඇතුළුවීමට අවශ්‍ය මුරපදයක් ඉල්ලාගෙන ඇති අතර පසුව ඔහුද දෙවන වරටත් ඇතුළුවී තමන්ගේ හිතේ තිබුණ උසස් පෙළ කල්දැමීමේ හා විශ්ව විද්‍යාල ප‍්‍රශ්නයේ පණිවිඩ ඇතුළු කර බැරිනම් ඉල්ලා අස්වෙන්නැයිද කියා නිවේදයක් පළ කර තිබේ.
මේ අවස්ථාවේ තමන්ගේ අයිපී ලිපිනය එහි සටහන් වන බවක් හෝ පසුවට කරදර ඇතිවේ යයි බියක් හෝ එම සිසුවාට තේරුමක් තිබී නැතට ලක්කිරීමෙනි.තාක්ෂණික විශේෂඥයින්ගේ අදහසට අනුව මෙහිදී කඩුගන්නාවේ පාසල් සිසුවා සිදු කර ඇත්තේ සරල කටයුත්තක් වන අතර හැක් කිරීමේ කාර්යය ඔහු හරිහැටි හඳුනාගෙන සිදු කළ දෙයක් බවද පෙනී යන්නේ නැත. 
බංගලිදේශයේ හැකර් ප‍්‍රහාරකයින් මෙම කටයුත්ත සිදු කිරීමෙන් පසුව සුපුරුදු පරිදි ‘අපි වැඩක් කළා’ යන්න ඔවුනට අයත් තාක්ෂණික ෆෝරම් ඔස්සේ ප‍්‍රසිද්ධ කර තිබුණ අතර එහිදී 103.11.32.16  යන ලංකාවේ අයිපී ලිපිනයද සමග ඒ වැඩය ගැන සඳහන් කර තිබී ඇත.
ඒ නිසා මේ ගැන පරීක්ෂණ පැවැත්වූ පොලිසියට පහසුවෙන්ම අදාළ අයිපී ලිපිනය පවා ලබාගන්නට හැකියාව ලැබී ඇති අතර සිසුවාව පැය 48 ක් යන්නට පෙර කොටු විය.
අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටි හර්ෂණ ශ‍්‍රීමාල් නමැත්තෙකි. 
ඔහු සාමාන්‍ය පෙළ විභාගයේ සියලූ විෂයන්ට ඒ සාමාර්ථ ලබාගෙන තිබෙන බවත් ඔහුගේ කාර්යය අගයා ඔහුට ජනපති කාර්යාලයේ තනතුරක් පිරිනැමිය යුත් බවත් උදය ගම්මංපිල මන්ත‍්‍රීවරයා ඊයේ ප‍්‍රකාශ කර තිබුණි.
gossiplanka........

No comments:

Post a Comment