බුද්ධ ධර්මය (නව නිර්දේශය)
දහම් පාසල් ගුරු උපදේශක
ශාස්ත්‍රපති පණ්ඩිත
උප්පලවත්තේ විමලානන්ද හිමි
ශාස්ත්‍රපති පණ්ඩිත
උප්පලවත්තේ විමලානන්ද හිමි
3 වන අභ්‍යාසය
1)ප්‍රතිසන්දිය ලබා දීමට ඉවහල්වන විපාක දීමේ හැකියාව නැතිකොට තමාම විපාක ලබා දෙන කර්මය හඳුන්වා ඇත්තේ,
1. උපඝාතක කර්ම නමින්ය
2. උපපීඩක කර්ම නමින්ය
3. උපත්ථම්භක කර්ම නමින්ය
4. ජනක කර්ම නමින්ය
2. උපපීඩක කර්ම නමින්ය
3. උපත්ථම්භක කර්ම නමින්ය
4. ජනක කර්ම නමින්ය
2) බුදුදහමට අනුව හටගැනීමේ ස්වභාවය ඇති සෑමදේම නැතිවීමේ ස්වභාවයෙන් යුක්ත වේ. සත්ව, පුද්ගල, ද්‍රව්‍ය ආදී ඕනෑම ජීවී අජීව පදාර්ථයකටම මෙම තත්වය සනාතනික පොදු ධර්මතාවයකි. ඒ අනුව සංස්කාර යන්න උපමා කොට ඇත්තේ,
1. පෙණපිඬකටය
2.දිය බුබුලකටය
3. මිරිඟුවකටය
4.කෙසෙල් කඳකටය
2.දිය බුබුලකටය
3. මිරිඟුවකටය
4.කෙසෙල් කඳකටය
3) ඇතිවී නැතිව යන බැවින් සංස්කාර ඒකාන්තම වශයෙන්,
1. දුක් ගෙන දෙයි
2. අනිත්‍ය වේ
3. නිත්‍ය වේ
4. අසුභ වේ
2. අනිත්‍ය වේ
3. නිත්‍ය වේ
4. අසුභ වේ
4.) ”යේ ධම්මා හේතුප්පභවා” ආදී ගාථාවෙහි ඇතුළත් වන්නේ හේතුඵල ධර්මතාවයයි. මෙම ගාථාව දේශනා කරන ලද්දේ ,
1. බුදුරදුන් විසින් දීඝනක පිරිවැජියාටය
2. සැරියුත් තෙරණුවෝ සිය මව වූ සාරි බැමිණියටය
3. අස්සජි තෙරණුවෝ උපතිස්ස පිරිවැජියාටය
4. මුගලන් තෙරණුවෝ සකුලුදායී තෙරුන්ටය
2. සැරියුත් තෙරණුවෝ සිය මව වූ සාරි බැමිණියටය
3. අස්සජි තෙරණුවෝ උපතිස්ස පිරිවැජියාටය
4. මුගලන් තෙරණුවෝ සකුලුදායී තෙරුන්ටය
5) බුදුරජාණන් වහන්සේ නික්ලේශීව පරිසරයට ඇලුම්කළ ශාස්තෘවරයෙකි. බුද්ධ චරිතය තුළින් ඒ බව මැනවින් තහවුරු වේ. උන්වහන්සේ වස් විසීමට ද එවැනි පරිසරයක් තෝරා ගත්හ. හයවන වස් කාලය සඳහා උන්වහන්සේ තෝරා ගත්තේ මින් කුමන ස්ථානයද?
1. විශාලා මහනුවර කූටාගාර ශාලාව
2. පාරිල්‍යය වනය
3. චාලිය පර්වතය
4. මකුල පර්වතය
2. පාරිල්‍යය වනය
3. චාලිය පර්වතය
4. මකුල පර්වතය
6) ස්වාභාවික පරිසරය බුදුරදුන් දම්සභා මණ්ඩපය බවට පත්කර ගත් අවස්ථා බෙහෙවින් දැකිය හැකිය. ඒ අනුව සාමඤ්ඤඵල සූත්‍රය උන්වහන්සේ දේශනා කළේ,
1. ජීවක අඹ උයනේදීය
2. චම්පා නුවර අසල ගර්ගරා පොකුණ සමීපයේදීය
3. කලන්දක නිවාපනම් ස්ථානයේදීය
4. ඉසිපතනයේ මිගදායේදීය
2. චම්පා නුවර අසල ගර්ගරා පොකුණ සමීපයේදීය
3. කලන්දක නිවාපනම් ස්ථානයේදීය
4. ඉසිපතනයේ මිගදායේදීය
7) ගිරිමානන්ද සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ ගිරිමානනන්ද හිමියන්ට පෙන්වා දෙන්නේ යම් යම් රෝග වැළදීමට බලපාන කරුණු
1. අට අනූවක් ඇති බවය
2. අටක් පමණක් ඇති බවය
3.අසූවක් පමණ ඇති බවය
4. අටතිසක් ඇති බවය
2. අටක් පමණක් ඇති බවය
3.අසූවක් පමණ ඇති බවය
4. අටතිසක් ඇති බවය
8) නිරෝගීබව උතුම් ලාභය යැයි බුදුරදුන් “ආරෝග්‍ය පරමාලාභා” යන ගාථාවෙන් දේශනා කළහ. එමෙන්ම උන්වහන්සේගේ ශාසනයේ නිරෝගී අය අතර අග්‍රස්ථානය පිරිනමන ලද්දේ මින් කුමන තෙරුන්ටද?
1.භද්දිය තෙරුන්ටය
2. භාහියදාරුචීරිය තෙරුන්ටය
3. භක්කුල තෙරුන්ටය
4. පුණ්න මන්තානි තෙරුන්ටය
2. භාහියදාරුචීරිය තෙරුන්ටය
3. භක්කුල තෙරුන්ටය
4. පුණ්න මන්තානි තෙරුන්ටය
9) මනා සිහියෙන් යුතුව පමණ දැන ආහාර ගන්නා මිනිසුන්ගේ දුක් වේදනාවන් තුනී වේ. සීමාව ප්‍රමාණය දැන ආහාර වැළඳූ විට ආහාර සෙමින් දිරවයි. ඔවුන්ගේ ආයුෂ ද වැඩෙන්නේය. මෙසේ බුදුරදුන් දේශනා කළේ,
1. ද්‍රෝණපාත සූත්‍රයෙන්ය
2. කෝසල සංයුක්ත සූත්‍රයෙන්ය
3.භත්තග්ග සුත්‍රයෙන්ය
4. අනමතග්ග සූත්‍රයෙන්ය
2. කෝසල සංයුක්ත සූත්‍රයෙන්ය
3.භත්තග්ග සුත්‍රයෙන්ය
4. අනමතග්ග සූත්‍රයෙන්ය
10) නිවැරැදි ආහාර පරිභෝජනය පුද්ගලයෙකුගේ ශිෂ්ඨ සම්පන්න බවත් රැකදෙයි. අවිධිමත් ලෙස ආහාර අනුභව කරන්නන් පස් දෙනෙකු බෞද්ධ සාහිත්‍යයෙන් සඳහන් වේ. එයින් “තත්‍රවට්ටක” යනු
1. අනුන්ගේ අත් උදව්වක් නැතුව නැගිටින්නට බැරි තරමට අධිකව ආහාර ගන්නා තැනැත්තාය
2.ඇඳුම ඇඳ ගැනීමටවත් බැරි තරමට ඇඳුම ගැනවත් නොසලකා ආහාරගන්නා තැනැත්තාය
3.නැගිට ගැනීමටවත් බැරි තරමට කෑම ගැන එහිම පෙරළී සිටින තැනැත්තාය
4.අනුභව කළ ආහාර වමාරා දමා නැවතත් ආහාර ගන්නා තරමට කෑමට ගිජු වූ තැනැත්තාය
2.ඇඳුම ඇඳ ගැනීමටවත් බැරි තරමට ඇඳුම ගැනවත් නොසලකා ආහාරගන්නා තැනැත්තාය
3.නැගිට ගැනීමටවත් බැරි තරමට කෑම ගැන එහිම පෙරළී සිටින තැනැත්තාය
4.අනුභව කළ ආහාර වමාරා දමා නැවතත් ආහාර ගන්නා තරමට කෑමට ගිජු වූ තැනැත්තාය
11) වළගම්භා රාජ්‍ය සමය යුධ ගැටුම් වලින් පිරුණකි. ඔහු සිහසුනට පත්ව නොබෝ කලකින්ම දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණිකයන් පිරිසක් ඔහු පලවා හැර සිහසුන අත්පත් කර ගත්හ. සිහසුන අ හිමි වූ රජුට නැවත එය ලබා දීමට උදව් කළ භික්ෂුව වූයේ,
1. බාලමහළුතිස්ස භික්ෂුවයය
2. මහදැලියා මහතිස්ස භික්ෂුවයය
3.කුපික්කල තිස්ස භික්ෂුවයය
4. ධම්ම තිස්ස භික්ෂුවයය
2. මහදැලියා මහතිස්ස භික්ෂුවයය
3.කුපික්කල තිස්ස භික්ෂුවයය
4. ධම්ම තිස්ස භික්ෂුවයය
12) පුස්ථකාරූඪ සංගීතීය යනු අළුවිහාර සංගීතීයට තවත් නමකි. මෙම සංගීතිය පවත්වන කාලය තුළ ලාංකීය භික්ෂූන් කණ්ඩායම් දෙකකට බෙදී සිටියහ. එම දෙපිරිස නම්
1. ථේරවාදී හා විභජ්ජවාදී පිරිසයි
2. මහායාන හා මහා සාංගික පිරිසයි
3.සියම් හා අමරපුර භික්ෂු පිරිසයි
4. ග්‍රන්ථධූර හා විදර්ශනා ධූර පිරිසයි
2. මහායාන හා මහා සාංගික පිරිසයි
3.සියම් හා අමරපුර භික්ෂු පිරිසයි
4. ග්‍රන්ථධූර හා විදර්ශනා ධූර පිරිසයි
13) කණිෂ්ක රජු බුදු දහම වැළඳ ගැනීමෙන් අනතුරුව රජ මැදුරට භික්ෂූන් වැඩමවා ධර්ම ශ්‍රවණය කළහ. එකම ධර්ම කරුණ වුවද සමහර භික්ෂූන් වෙනස් අයුරෙන් විවරණය කළහ. එසේ වීමට හේතු මොනවාදැයි රජු විසින් විමසන ලද්දේ,
1. නිග්‍රෝධ හිමියන්ගෙන්ය
2. පාර්ශ්ව හිමියන්ගෙන්ය
3. අංග හිමියන්ගෙන්ය
4. අශ්වඝෝෂ හිමියන්ගෙන්ය
2. පාර්ශ්ව හිමියන්ගෙන්ය
3. අංග හිමියන්ගෙන්ය
4. අශ්වඝෝෂ හිමියන්ගෙන්ය
14) ශාසන ඉතිහාසය තුළ සංගායනා ගණනාවක් පිළිබඳව තොරතුරු දැක්වේ. ඒ අතර හතරවෙනි ධර්ම සංගායනා දෙකක් පිළිබඳව සඳහන් වේ. එක් සංගායනාවක් ලංකාවේ මාතලේ අලුවිහාරයේදී ද, අනෙක කණිෂ්ක රජු දවස ඉන්දියාවේදී ද පැවැත්වූහ. කණිෂ්ක රජු දවස පැවැත්වූ සංගායනාව සජ්ඣායනා කර ඇත්තේ,
1. පුරුෂ පුරයේ විශේෂ මණ්ඩපයකදීය
2. කාශ්මීරයේ කුණ්ඩලවන විහාරයේදීය
3. ගන්ධාර දේශයේ ශ්වේතාශ්‍රමයේදීය
4.චීනයේ ලෝයාන්හි අශ්වාරාමයේදීය
2. කාශ්මීරයේ කුණ්ඩලවන විහාරයේදීය
3. ගන්ධාර දේශයේ ශ්වේතාශ්‍රමයේදීය
4.චීනයේ ලෝයාන්හි අශ්වාරාමයේදීය
15) ලක්දිව බුදුදහම ස්ථාපිත වීමත් සමඟ ගොඩනැඟුණු මුල්ම ස්තූපය ලෙස සැලකෙන්නේ අනුරාධපුර ථූපාරාම දාගැබයි. මෙම ස්තූපයේ වර්තමාන හැඩය වන්නේ,
1. බුබ්බුලාකාර හැඩයයි
2. ධාන්‍යාගාර හැඩයයි
3. ගණ්ඨාකාර හැඩයයි
4. පද්මාකාර හැඩයයි
2. ධාන්‍යාගාර හැඩයයි
3. ගණ්ඨාකාර හැඩයයි
4. පද්මාකාර හැඩයයි
පිළිතුරු | |
1–1 2–4 3–2 4–3 5–4 6–1 7–2 8–3 | 9–1 10–3 11–3 12–4 13–2 14–2 15–3 |
No comments:
Post a Comment