Sunday, September 4, 2016

සුභාවිත ගීතයට තැනක් නොලැබීම ඛේදවාචකයක්

20160902Keerthi-1රොබරෝසියා..... රොබරෝසියා 
ඔය සිතට දුක නැද්ද රොබරෝසියා
හන්තානෙ මල් මැදුරෙ දොරඟුලූපියා
මට යන්න ඇයි කීවෙ රොබරෝසියා....
දෙසවන පැතූ මියුරු හඬ ළඟ ඇසේ
දෙනයනට මල් රේණු වැටිලා වගේ
මීදුමට බොඳ වෙච්ච වීදුරු දොරෙන්
රොබරෝසියා සැඟවුණා....
පෙති කැඩුණු නටු අගට මල් පෙති තියා
අමුනන්න හැදුවාට බැරිවී ගියා.
ඒ සීත පිණි කඳුළු පිසදා තියා...
හිනැහෙන්න රොබරෝසියා.....

මුනිල් විතානගේ ලියූ මේ ලයාන්විත ගීතය පසුගියදා නිකුත්වුණු තරු වැස්සක් 5 සීඞී තැටියට ගායනා කළේ කීර්ති පැස්කුවල්ය. ඔහුගේම සංගීත නිර්මාණයෙන් විචිත‍්‍ර වූ මෙම ගීතය අද වැනි යුගයක බිහිවීම අගය කළයුතු කාරණයක් වන බැවින් කීර්ති පැස්කුවල් සඳැල්ලට කැඳවීමු.
කීර්ති පැස්කුවල්, ඔබ සංගීත ලෝකයට පිවිසෙන්නෙ කොයි කාලෙද? කොයි විදියටද?
මහ මහනුවර ගැලැක්සිස් කියන සංගීත කණ්ඩායමේ වාදකයෙන් විදියට ඉන්න අතරෙ ෆෝචූන්ස් සංගීත කණ්ඩායම නැවත බිහි කෙරුණා. ඔය 1982 අවුරුද්දෙදි.
මේ කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයා වුණේ මම.

එතකොට ඔබ ගායකයෙන් බවට පත්වෙන්නෙ?
ඒක සිද්ධ වෙන්නේ අහම්බෙන්. අමිල රෙකෝඞ් බාර් එකෙන් කැසට් පටයක් නිකුත් කළා. අමිල කැසට් එක නමින් ප‍්‍රසිද්ධ වුණු මේකට එඞ්වඞ්  ජයකොඩි, නිර්මලා රණතුංග, රෝහණ සිරිවර්ධන වගේ ආධුනික ගායනා ශිල්පීන් එක්ක මටත් ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලැබුණා.
මම ගායනා කළේ හන්තානේ නිල් කඳු වැටි අතරේ කියන ගීතය.

නමුත් ඔය ගීතය ඒ තරම් ජනප‍්‍රිය වුණේ නෑ නේද?
ඔව්. මගේ ගීතයක් ජනප‍්‍රිය වෙන්නේ ඊට පස්සෙ. ඔය ගීත හදාගත්තෙ මහ අමුතු විදිහකට. රෙකෝඩින් එකකට ගියාම මගේ යාළුවො එකතුවෙලා මටත් ගීතයක් නිර්මාණය කරලා දුන්නා. නීල අහසේ සැඳෑවලා, රන්තරු පායන අහස බලාගෙන, කවිකාරියේ වගේ ගීත නිර්මාණය වුණේ ඒ විදිහට. ඊට පස්සේ 1984 දී විතර ස්වාධීන රූපවාහිනියෙ මධු රසාංග කියන සංගීත වැඩසටහනට නීල අහසේ කියන ගීතය ගයන්න කියලා මධු රසාංග නිෂ්පාදක පී.එල්.එ්. සෝමපාල මට අවසර දෙනවා.
මේ ගීතය ගායනා කළ දවසට පස්සේ දවසෙ ඉඳලම මට ලැබුණෙ අසීමිත ජනප‍්‍රියත්වයක්.
ඔබේ පළමුවෙනි කැසට් පටය නිකුත් වෙන්නේ.
1985 දී නීල අහසේ නමින්. මේ කැසට් පටයට ලැබුණේ අසීමිත ජනප‍්‍රියත්වයක්. ඒ වගේම මේක හොඳට විකිණුනා. ඊට පස්සේ සඳලතා, නීල් උපුලී, රසට රස වගේ කැසට්පට ගණනාවක්ම නිකුත් කරන්න හැකි වුණා.
නමුත් ඔබ මේ සියල්ල දාලා හදිස්සියේම එතෙරකට ගියා.
2000 දී මම ලංකාවෙන් ගියා ඒත් අවුරුදු හතරකට පස්සේ මම ආපසු ලංකාවට ආවා.

ඒ එනකොටත් ඔබ අසීමිතව ජනප‍්‍රියද?
ඒ ආවට පස්සේ මම ගායනා කළා.
කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගේ පැලට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න.
කියන ගීතය
ඒ ගීතයෙන් මම ආයෙමත් උපන්නා. මට ලොකු ජනප‍්‍රියත්වයක් ලැබුණා.

20160902Keerthi-2ඔබ ලයාන්විතයා වෙන්නෙ ඔය කාලෙදි?
මම ගී ප‍්‍රසංගයක් තිබ්බා.  ඕකෙ ප‍්‍රචාරයට තමයි ලයාන්විතයා යළිත් ගී ගයයි කියලා භාරතී වීරසිංහ ප‍්‍රසිද්ධ කළේ. එදා ඉඳලා මම ලයාන්විතයා.

ඔබ අමාරුවෙන් රැුක ගත්ත සුභාවිත ගීතය අද තියෙන්නේ කොතැනද?
ඉතාමත්ම නරක තැනක. අද මතුවෙලා තියෙන අලූත් රැල්ලෙ හැටියට ජනප‍්‍රිය වෙන්නෙ සරලම සරල ගීත. මේ වයේ කිසිම සාහිත්‍යමය ගුණයක් නැහැ. කිසිම රහක් නෑ. ඒත් අද සිංදු ඩවුන්ලෝඞ් කර ගන්න තරුණ පරපුර ඉන්නෙ මේ ගීතත් එක්ක.

එහෙම වුණේ කොහොමද?
අද කැසට් නෑ. සී.ඞී. නැහැ. හේතුව කැසට් එකක්වත් සී.ඞී. එකක්වත් විකුණන්න නුපුළුවන් වීම. අද සින්දුවක් කරලා ආර්ථික ලාභයක් ලබන්න පුළුවන් එකම ක‍්‍රමය තමයි රිගිං ටෝන්. මේ රිගින් ටෝන්වලට ඉල්ලූම තියෙන්නේ අතිශයින්ම සරල ගීත වලට. මෙන්න මේ හේතුව නිසා සුභාවිත ගීතය අද අසරණ වෙලා තියෙන්නෙ.

මේකට පිළියමක් නැද්ද?
වගකීම තියෙන්නේ ආණ්ඩුවට. නමුත් රජයෙන් කිසිම දෙයක් කෙරෙන්නෙ නෑ. මේ නිසා එදා සුභාවිත ගී ගයපු ගායකයො ගායිකාවො අසරණවෙලා හුඟක් ශිල්පීන්ට සංදර්ශනයකවත් ලැබෙන්නෙ නැහැ.

ඔබ නේද ගායක ගායිකා සංගමයෙ සභාපති බැරිද ඉතින් මුකුත්ම කරන්න.
අද ප‍්‍රබලම තැනක ඉන්නේ මාධ්‍යයි. තියෙන රේඩියෝ චැනල් විසි අටෙන් බහුතරයක ප‍්‍රචාරය වෙන්නෙ. රැුල්ලට හැදෙන සිංදු මේ නිසා සුභාවිත ගීතයට කැමති සියයට අසූවක්ම බලාගෙන ඉන්නවා ආපහු සුභාවිත ගීතයට තැනක් එනකම්.
ඒකෙදි මුද්‍රිත මාධ්‍යවලට ලොකු වගකීමක් තියෙනවා. සුභාවිත ගීතයෙ රුව ගුණ අගය ගැන රටට කියන්න රැුල්ලේ සිංදු ගැන විවේචනය කරන්න.

ඔබ කියන්නේ ගායක ගායිකා සංගමයට මේ වෙනුවෙන් මුකුත්ම කරන්න බැහැ කියන එකද?
ඔව් සංගමයක් විදිහට අපිට කරන්න පුළුවන් සාමාජිකයන්ගේ සුබසාධනය විතරයි. ඊට  වැඩිය දේවල් කරන්න ගියොත් වෙන්නේ සංගමය බෙදෙන එක විතරයි.

අද ප‍්‍රවීණයෝ අලූත් ගීත නොකරන තරම්, ඔබත් ඉන්න ඒ ගොඬේද?
මම තරු වැස්සක් 5 නමින් අලූත් ගීත එකතුවක් කළා. මේකට ගීත ගයන්නෙ මගේ සිසු සිසුවියො. ඔවුන් ගයන ගීතවලින් මෙම සීඞී එක රසවත් වෙලා.

තරු වැස්සට ගී තෝරන්නෙ කොහොමද?
හොඳ පදමාලා තමයි හැම විටම තෝරා ගන්නේ. ඒ වගේම මියුරු සංගීතය. කොටින්ම මේ ගීත සුභාවිත ගී.

එතකොට ඔබ? ඔබත් අලූත් ගීතයක් ගායනා කළා නේද? රොබරෝසියා නමින්.
රොබරෝසියා ගීතය මම ගායනා කළාට ඒක බිහිවුණේ පද රචකයාගේ වුවමනාවට. ඒ ගීතයට සංගීතය සැපයූ වාදක මණ්ඩලයේ වියදම දැරුවෙ පද රචකයා. සංගීතය සහ ස්ටුඩියෝ එකේ වියදම් මගෙන්.

අලූත් ගී නිර්මාණවල වියදම දැරීම පද රචකයා කළ යුතු කාර්යයක්  වීම වර්තමානයේ විලාසිතාවක්  වෙලා. සුභාවිත ගී නිර්මාණයෙන් ගායකයා කර අරින්නේ ඇයි?
අලූත් ගීතයක් වෙනුවෙන් සෑහෙන වියදමක් දැරිය යුතුයි. නමුත් ප‍්‍රශ්නෙ එහෙම වියදම් කරලා නිර්මාණය කරන ගීතයට වාණිජ වටිනාකමක් නොමැතිවීම. සී.ඞී. එකක් කළාට විකුණන්න බෑ. අනික අලූතින් ගීත කළාට ඒවා නාළිකාවලින් ප‍්‍රචාරය කර ගන්න බැහැ. ඒ නිසා ගායකයො අලූතින් ගීත කිරීමෙන් වැළකිලා.

මේක මහ ඛේදවාචකයක්නෙ.?
ඛේදවාචකයක්. මේ ගැන මුද්‍රිත ජන මාධ්‍ය හඬක් නැගිය යුතුයි.

 ශාන්ත කුමාර විතාන

No comments:

Post a Comment