Thursday, September 8, 2016

දුමින්ද එල්ලන්න වැලිකඩ එල්ලූම්ගහ සූදානම්..

දුමින්ද එල්ලන්න වැලිකඩ එල්ලූම්ගහ සූදානම්..
දුමින්ද සිල්වා එල්ලා මරන්න නියෝග කෙරේ..
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිවු දෙනෙකු වෙඩි තබා ඝාතනය කලේ යයි එල්ල වූ චෝදනාවන්ට වරදකරැවන් කරමින් මරණ දණ්ඩනය නියම කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු සිවු දෙනා සිවි තොර වන තෙක් එල්ලා තැබීමට වැලිකඩ බන්ධනාගාරයේ ඇති එල්ලූම්ගස සූදානම් බව බන්ධනාගාරයේ ඉහල නිලධාරියෙක් පැවසීය.
ඒ සදහා ජනාධිපතිවරයා අත්සන් තබනු ලබන  ඕනෑම මොහොතක දඬුවම ක‍්‍රියාත්මක කිරීමට සූදානම් යයිද ඔහු කියා සිටියේය.

Tuesday, September 6, 2016

ඩිල්ස්කූප් අයිතිය එදා උදුරා ගන්න හැදුවේ කවුද? ඩිල්ෂාන් 'මව්බිම'ට හෙළි කරයි

Image result for dilshan dilscoopImage result for dilshan dilscoop
ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ එක්දින ක්‍රිකට් පිටියේදී ලකුණු දසදහසක් ඉක්මවමින් ලකුණු රැස්කළ පිතිකරුවන් සිටින්නේ එකොළොස් දෙනකු පමණි.
ඒ අතරට ශ්‍රී ලාංකික පිතිකරුවන් සිවුදෙනකුද ඇතුළත්ය. ඒ හතරදෙනාගේ ලැයිස්තුවෙහි සිවුවැන්නා ලෙස සිටින මොහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ වසර 17ක ක්‍රීඩා සමය තුළදී ලබාගත් ටෙස්ට් ක්‍රිකට් ලකුණු ප්‍රමාණයද පන්දහස ඉක්මවා ඇත.
එපමණක්ද නොව පන්දු යැවීමෙන් හා පන්දු රැකීමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නම දිනාගත් මෙම තුන්ඉරියව් දක්‍ෂයා නමින් තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්ය.
එක්දින ජාත්‍යන්තර කඩුලු 100ක්ද ඉක්මවා ලබා පන්දුවෙන්ද දස්කම් දැක්වූ මොහු ගැන පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමත් සමඟ කතාබහ වැඩි විය. එහෙත් ඔහුගේ දක්‍ෂතා ඔහු ක්‍රීඩා කරන සමයේ වැසී තිබුණේ සංගක්කාර හා මහේල වැනි ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාවන්ගේ සෙවණැලිවලට මුවාවී තිබූ නිසා දැයි අදහසක් මතුවේ.
එය බොහෝ විට මුරලිදරන්ගේ දක්‍ෂතා හමුවේ රංගන හේරත්ගේ දක්‍ෂතා වැසී තිබුණා මෙන්ය. කෙසේ වෙතත් වසර 17ක් රට වෙනුවෙන් දායකත්වය දැක්වූ ක්‍රිකට් තරුවක් විශ්‍රාම යන විට ක්‍රීඩාලෝලී කා හටත් ඇතිවන හැඟීම්වලට සමාන්තර අදහස් දැනගැනීමේ අරමුණෙන් පසුගිය දිනෙක ඩිල්ෂාන් මුණගැසුණෙමු.
• ක්‍රිකට්වලින් සමුගැනීම කොහොමද ඇඟට දැනෙන්නේ?
ගොඩාක් හොඳින් ගතකරනවා. හැමදාම උදේට මෙතැනට (ඩිල්ෂාන්ට අයත් කොළඹ 06 පිහිටි හෝටලය) ඇවිල්ලා දවස ආරම්භ කරනවා. මේ පරිසරයට මම හරි ආසයි. උදේට ළමයි ස්කෝලෙට දාලා මෙතැන විවේකීව කාලය ගෙවනවා.
• සමුගැනීමේ අදහස ආවේ කොහොමද?
බාහිරින් මට ආපු දේවල් එක්ක බලපුවාම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න හොඳම වෙලාව මේකයි කියලා මම තීරණය කළා. ගොඩාක් ක්‍රීඩකයෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තෙ කලකිරිලා. එහෙම නැතිව දැන්ම සමුගෙන නවකයකුට මගේ තැන දුන්නොත් හොඳයි කියන අදහස මට ආවා.
• වසර 17ක ඔබේ ක්‍රිකට් දිවියේ ප්‍රධානතම කඩඉමක් ලෙස ඔබට කණ්ඩායමේ නායකත්වය ලැබීම හඳුන්වන්න පුළුවන්. ඒ ගැන ඔබේ අදහස?
ජාතික කණ්ඩායමේ නායකත්වය මම කිසි දිනක බලාපොරොත්තු වූ එකක් නොවෙයි. ඒ වෙලාවෙ 2011දී හිටපු ජේ‍යෂ්ඨ ක්‍රීඩකයෝ නායකත්වයෙන් ඉල්ලා අස්වුණාම නායකත්වය භාර ගන්න කෙනෙක් හිටියෙ නැහැ.
නමුත් ඒ වෙලාවේ හිටපු ක්‍රිකට් සභාපති ඩී.එස්. අයියා මට කීවා මල්ලි නායකත්වය අරගෙන මාස 6ක් කරලා දෙන්න කියලා. මම ඊට කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් රටේ අවශ්‍යතාවත්, මගේ තිබූ පළපුරුද්දත් සලකා බලා මම නායකත්වය ගෙන අවුරුද්දක් යනකොට හොඳ කණ්ඩායමක් ගොඩනඟා ගන්න හැකි වුණා.
• ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ ඔබ එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ශ්‍රී ලාංකිකයකු ලෙස තැබූ වාර්තාව ගැන කතා කළොත්?
ලෝකෙ ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයකුට ලෝඩ්ස් ටෙස්ට් තරගයකදී ශතකයක් ලබා ගැනීම සිහිනයක්. මට අද වගේ මතකයි එදා ටෙස්ට් තරගයට පෙර පුහුණුවීම්වලදී මම කිව්වා ලෝඩ්ස් පිටියේ ශතක නාම පුවරුවෙ හෙට මගේ නම දානවා කියලා.
මම එහෙම කියලා තරගයට ගියේ. නායකයෙක් විදියට පළමුවෙනි සංචාරයේ පළමු ටෙස්ට් තරගය පැරැදිලා හිටියෙ. ඒ නිසා ලෝඩ්ස් 2 වැනි ටෙස්ට් තරගයට දැඩි අධිෂ්ඨානයෙන් ආවෙ. එක් දිනක් අවසානය වන විට මම ලකුණු 100ක් ගහලා හිටියෙ. ඒත් ඇඟිල්ලට බෝලෙ වැදිලා ඇඟිල්ල පුපුරලා තිබුණෙ. ඊළඟ දවසේ එනකොට අතට ග්ලවුස් එක දාගන්නත් බැරිව හිටියේ. ඒත් මම කොහොම හරි බැට් කරන්නම් කියලා තව ලකුණු 93ක් ගත්තා. ඊට කලින් තවත් පාරක් බෝලෙ ඇඟිල්ලෙ වැදිලා තිබුණා.
• ඔබ නායකත්වය දරන කාලේ කණ්ඩායමේ සිටි ජේ‍යෂ්ඨයන්ගෙන් බලාපොරොත්තු වූ දේවල් ලැබුණේ නැහැ කියන මතයක් ගොඩනැඟී තිබෙනවා. එහි  සත්‍යතාවක් තියෙනවාද?
මම බලාපොරොත්තු වූ ගොඩාක් දේවල් මට ලැබුණේ නැහැ. ඒ කාලේ සෑහෙන ප්‍රශ්නවලට මුහුණ දුන්නා. මම හිතන්නේ දැන් ඒවා කතා කළ යුතු නැහැ කියලයි. මට වෙච්ච දේවල්, අසාධාරණකම් හැමෝම දන්නවා.
• හැමෝම දන්නෙ එහෙන් මෙහෙන්නේ. මේකෙ ඇත්ත කතාව ඔබ කීවොත් වැරැදි ආරංචි පැතිරීම නවතීවි නේද?
මේකයි මගේ අවුරුද්ද තුළ පුහුණුකරුවොත් හතර දෙනෙක් හිටියා. මට ඒගොල්ලන්ගෙන්වත් සහයෝගයක් ලැබුණේ නැහැ. සමහර පුහුණුකරුවො රෑට කතා කරපු දේ උදේට වෙනස් කරනවා. මම දන්නේ නැහැ කවුද එයාලගෙ ඔළුව වෙනස් කළේ කියලා. රෑට කතා කරල හදන කණ්ඩායම පුහුණුකරු උදේට වෙනස් කරන්න කතා කරනවා.
අවුරුද්දක් තුළ පුහුණුකරුවො 4 දෙනෙක් එක්ක වැඩ කරනවා කියන්නෙ මට කිසිම සැලැස්මක් හදාගන්න බැහැ. ඒ වගේ සෑහෙන ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න එක්ක මම තරග ජයග්‍රහණය කළා. ඒවා ලොකුවට ඔළුවට ගත්තෙ නැහැ. ඒ ප්‍රශ්න ඔක්කොම මම හතරේ සීමාව ඇතුළට යනකොට අමතක කරලා ක්‍රීඩා කළා.
• මාස 6කට භාරගන්න කීවත් අවුරුද්දක් පමණ ඔබ නායකත්වයේ හිටියා. එපා වෙලාද නායකත්වයෙන් ඉවත් වුණේ?
එපාවෙලා ගියේ නැහැ. මොකද ප්‍රශ්න තිබුණත් අවුරුද්දක් යනකොට මම කණ්ඩායම හොඳින් හදාගෙන තිබුණේ. අපි දකුණු අප්‍රිකාවෙදි ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළා. එක්දින තරගාවලිය ජය ගන්න බැරි වුණේ වර්ෂාවෙන් බාධා තිබූ නිසයි. එහෙම ජයග්‍රහණ මාවතේ අපි ඉන්නකොට එක්වරම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවත් මාරුවෙලා බොහෝ දේ වෙනස් කළා. අපි දකුණු අප්‍රිකාවේ ඉන්න දිනක මට එරටේ වේලාවෙන් දවල් 12.00ට පමණ ලංකාවෙන් දුරකතන ඇමැතුමක් ආවා.
තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහත්මයා මට කීව ඔයා නායකත්වයෙන් ඉවත් වෙන්න අපි වෙන නායකයෙක් බලනවා කියලා. මම හේතුව අහන්න ගියේ නැහැ. ඕන තීරණයක් ගන්න කියල මම කීවා. ඊට පසුව පැයක් ඇතුළත මම ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එව්වා. ඒත් මට හිතාගන්න බැරි වුණා හේතුව. අපි ඒ කාලෙ දකුණු අප්‍රිකාව පැරැද්දුවා. ඉන්දියාව පැරැද්දුවා. ඕස්ට්‍රේලියාවේ පැවැති වී.බී. තුන්කොන් තරගාවලියේ අපි අවසාන මහා තරගයටත් ආවා. 
• ඒ වන විට නායකත්වයෙන් යන්න බලාපොරොත්තුවෙන් හිටියෙ නැහැ?
නැහැ. මොකද මම කණ්ඩායමත් එක්ක ඉහළ ගමනක් ආපු වෙලාවෙ මට එක්වරම අයින් වෙන්න කීවාම හිතාගන්නත් බැරි වුණා. ඊට පසුව මහේල යළි නායකත්වයට පත් කළා. ඉන් පසුව එහි සිට ඕස්ට්‍රේලියාවට යන්න කීවත් මම හොඳ මානසිකත්වයකින් නොසිටි නිසා මට නැවත ලංකාවට එන්න ඕන බව දැන්නුවා. ඇවිල්ල ගෙදර අය සමඟ මගේ ප්‍රශ්න කතා කරල හිත හදාගත්තා.
• නැවත ඕස්ට්‍රේලියා තරගාවලියට සහභාගි වුණා නේද?
ඔව්. මම නැවත අධිෂ්ඨානශීලීව ඕස්ට්‍රේලියානු තරගාවලියට සහභාගි වෙලා 2013දී එම එක්දින තරගාවලියේදී ලකුණු 500කට වැඩිය ලබාගත්තා. තරගාවලියේ වීරයා බවටත් පත් වුණා. එතෙක් කිසිම ලාංකික ක්‍රීඩකයෙක් ඕස්ට්‍රේලියාවේදී ලකුණු 200කට 300කට වැඩිය ලබාගෙන නැහැ. ඒ නිසා මගේ මවුබිම වෙනුවෙන් සියයට දෙසීයක් කරල තියෙනවා කියල මට සන්තෝසෙන් ගෙදර ඉන්න පුළුවන්.
• එතැනින් පසුව සියලු ප්‍රශ්න අමතක කරල ඉදිරියට ආවා?
නැහැ. කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන්ගෙන් මට ප්‍රශ්න තිබුණා. දැනටත් කණ්ඩායමේ සමහර ක්‍රීඩකයොත් එක්ක 2007 සිට මම කතා කරන්නෙ නැහැ. නමුත් ක්‍රීඩාංගණය ඇතුළට ගියාම කරට අත දාගෙන කතා කරන්නේ අපි ක්‍රීඩා කරන්නෙ රට වෙනුවෙන් නිසයි.
• රටෙන් ඔබට ලැබුණු දේවල් ගැන කතා කළා. ඔබෙන් රටට මොනවද කරන්නෙ?
මම වෘත්තීය මට්ටමෙන් රටේ ක්‍රිකට්වලට සේවයක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ නවකයන්ට මම දන්න දේ ස්වේච්ඡාවෙන් කියල දෙන්න මම ඕනෑම වේලාවක සූදානම්. මගේ දුරකතනයත් ඒ සඳහා ඕනෑම වෙලාවක විවෘතයි.
• ඔබගේ ක්‍රිකට් දිවිය ගැන කතා කළොත් 'ඩිල්ස්කූප්' පහර ගැන කාටවත් අමතක කරන්න බැහැ. මේක කාගේ අදහසක්ද?
ඒක මගේම අදහසක්. මම ඉස්සර වෙලාම ඩිල්ස්කූප් පහර ගැහැව්වේ 2008 අයි.පී.එල්. එකේදියි. ඊට පසුව ලංකාවට ඇවිල්ල ඒ පහර ටෙනිස් බෝලෙන් ගොඩාක් පුහුණුවීම් කළා. එවකට හිටපු සහාය පුහුණුකරු චන්දික හතුරුසිංහත් එක්ක ඒ පුහුණුවීම් කරල පසුව මම එංගලන්තයට ගිහිල්ලා 2009 විස්සයි විස්ස වර්ල්ඩ් කප් එකේදී ඕස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන්ට හයේ පහරක් ගහන තෙක් මගේ පුහුණුකරුවොත් දැනගෙන හිටියේ නැහැ මම එතරම් හොඳට ඒ පහර ගහනවා කියල. ඒ පහරත් එක්ක හොඳට ක්‍රීඩා කරපු නිසාම එම ලෝක කුසලාන තරගාවලියේදී තරගාවලියේ වීරයා සම්මානයත් හිමි වුණා.
• ඒ කාලෙ ඔබේ බොහෝ දේට විරුද්ධ වූ සමහරු ඔය ඩිල්ස්කූප් පහර ගෙන ආ අදහසට විරුද්ධ වුණේ නැද්ද?
මගේ නමින් ඒ විදියේ ක්‍රිකට් පහරක් හැඳින්වීම ගැන සමහරුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. එක එක අය ඒකට වෙනත් නම් දාන්න උත්සාහ කළා. ගොඩාක් අය කීව මේක මොළේ නැති ක්‍රීඩකයෙක් ගහන පහරක් කියලා. අපේ රටේ අයත් එහෙම කියන අය අතර හිටියා.
• කවුද ඩිල්ස්කූප් කියන නම දැම්මෙ?
මම ඒ පහර ගැහැව්වාම අයි.සී.සී. එකෙන් පණිවුඩයක් විස්තර විචාරකයන්ට එවල තිබුණා ඒකට නමක් එවන්න කියල. පසුව 2009 ලෝක කුසලාන තරගාවලියේ වීරයා වෙලා සම්මානය ගන්න ගියාම ක්‍රිකට් විචාරක නසාර් හුසේන් මගෙන් ඇහැව්වා "අපි ඔබේ පහරට නම් 4ක් එවල තියෙනවා මොකද්ද දාන්න කැමැති" කියල. ඒ අතරේ තිබුණ ඩිල්ස්කූප් කියන නමට මම කැමැතියි කිව්වාම ඒ වෙලාවේම ඒක ශබ්ද නඟා නසාර් හුසේන් ප්‍රචාරය කළා.
• ඒ ගැන තිබුණු ප්‍රතිචාර මොන වගේද?
සෑහෙන හොඳ ප්‍රතිචාර තිබුණා. මට ඒ කාලෙ පාරෙ යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබුණා. විශේෂයෙන් පාසලකට ගියාම ළමයි මගෙන් ඉල්ලීම් කළා ඒ පහර පුහුණු කරන්න කියලා. පුහුණුකරුවන්ගෙන් පවා දෙස් විදෙස් ඇමැතුම් ආවා මේ ගැන ක්‍රීඩකයන්ට පුහුණුවක් ලබා දෙන්න කියල.
• ක්‍රීඩාවෙන් එහාට ගියාම ඔබ මේ රටේ වකුගඩු රෝගීන් වෙනුවෙන් සත්කාරක වැඩසටහනකට දායක වෙනවා. ඒ ගැන කීවොත්?
ඔව්. සෑහෙන වැදගත් වැඩසටහනක් ඒක. ඒ සඳහා සම්බන්ධ වෙන්න කියල වත්මන් ජනාධිපතිතුමා දන්වා තිබුණා. ඒක අපේ දුප්පත් ජනතාව වෙනුවෙන් කරන සේවයක්. ඒකටත් දිගටම උදවු කරන්න දැන් මට අවස්ථාව උදාවී තිබෙනවා.
සිරිනාම රාජපක්ෂ
ඡායාරූප-ප්‍රදීප් දඹරගේ

පන්දු 65 ට 145 ක් ගැසූ මැක්ස්වෙල්ගේ අනගි විස්සයි20 ඉනිම(video)


දිනක්ෂිගෙන් රැප් එකක්


මේ වසර තුළ පමණක් ෆෙස්බුක්වලට එරෙහිව පැමිණිලි 1570ක්

Image result for facebook
2016 වසරේ ගත වු පළමු මාස 8 තුළ ෆෙස්බුක් වෙබ් අඩවිය සම්බන්ධයෙන් පැමිණිලි 1570ක් ලැබී ඇති බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්යාවක් ලැබී ඇත්තේ ව්‍යාජ ෆෙස්බුක් ගිණුම් සම්බන්ධයෙනි.
ඊට අමතරව ෆෙස්බුක් ගිණුම්වලට අනවසරෙයෙන් ඇතුළු වීම පිළිබඳව ද පැමිණිලි ලැබී ඇත.
ගත වු කාලය තුළ වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළු වී දත්ත වෙනස් කිරීම පිළිබඳව පැමිණිලි 6ක් පමණ ලැබී ඇති අතර අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ සිදුවීම් පිළිබඳව ද පැමිණිලි පහක් ලැබී ඇ

වැනි වැනී පාරේ ගිය ගුවන් හමුදා නිලධාරියා වෑන් රථයේ හැපුණ හැටි

වැනි වැනී පාරේ ගිය ගුවන් හමුදා නිලධාරියා 
වෑන් රථයේ හැපුණ හැටි CCTV

රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත නිලධාරියෙකු පසුගියදා රාත්‍රී කාලයේ සාදයක් නිමවී බීමතින් යද්දී කඳවුර අසළ පාරේ වෑන් රථයක හැපීම නිසා මරු දැක තිබුණා. ඔහු රාත්‍රී කාලයේ වාහනයේ හැපුණ ආකාරය දැක්වෙන CCTV වීඩියෝ මේ වනවිට ප්‍රසිද්ධ කර තිබේ. මියගිය ගුවන් හමුදා බලගණ සැරයන්වරයා

ගුවන් හමුදා කඳවුරට කුලී පදනම මත ලබාගත් වෑන් රථයටබීමත්ව වැනෙමින් පාර මැද සිටියදී හැපෙන අතර පසුව එම වෑන් රථය හෝ ඒ අසළට ආ ත්‍රීරෝද රථය හෝ යතුරු පැදිය තුවාල කරුට උදව් නොකර සිරුර පැත්තකට කර මාර්ගයේ ඉඩ ලබාගෙන පළා ගොස් තිබුණා.
මේ වනවිට වෑන් රථය පැදවූ ගුවන් හමුදා කඳවුරේ නිලධාරියා අත්අඩංගුවට පත්ව ඇත.
එම වීඩියෝව පහතින් 

ශ‍්‍රීලනිප 65 වන සංවත්සරයේ මෛත‍්‍රී වෙනුවට මහින්ද පිළිඅරන්

දමිළ නිවේදිකාව
මෛත‍්‍රී වෙනුවට මහින්ද පිළිඅරන්


 කුරුණෑගල මාළිගාපිටිය ක‍්‍රීඩාංගණයේදි පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන රැස්වීමට සාම්ප‍්‍රාප්ත වන අවස්ථාවේ 
සිංහලෙන් ඒ බව නිවැරදිව කිව්වද දමිළ භාෂාවෙන් කතා කළ නිවේදිකාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පිළිගන්නවා යයි කියා පසුව නිවැරදි කර තිබුණි.
මේ ආකාරයේ වැරදීම් මින් ඉහත අවස්ථා කිහිපයකත් උත්සව වල සිදුවී ඇත.
පහත පළවන්නේ නිවේදිකාවේ වරද පසුබිමෙන් ඇසෙන රැස්වීමේ වීඩියෝවකි.

මැක්ස්වෙල්ගේ ගැහිල්ල හා ලංකාවේ පරාජය ගැන ෆේස් බුක් නිර්මාණ





























Sunday, September 4, 2016

Samsung Galaxy S7 Edge vs. iPhone 6S Plus Coca


Top 5 Ghost Videos | Real Ghost Videos Caught On Tape | Scary Videos


sathya butha katha


අපට නොපෙණෙන ලෝකය


මහ රෑ 12ට සොහොන් පිටියක ඉන්න පුලුවන්ද.. (කනත්තේ ඇත්ත හොල්මන්)


අභ්‍යවකාශය ජය ගැනිමට තැබූ පළමු පියවර මෙයයි

කොපර්නිකස්ගේ සූර්ය කේන්ද්‍රීය න්‍යාය ලොවට හෙළිදරව් කළේ ශිෂ්‍යයකුගේ බලකිරීම හේතුවෙන්
අප වෙසෙන මේ පෘථිවිය වසර බිලියන 13.7කට පෙර බිහිවී යැයි ලොව පතළ සියලු විද්‍යාඥයන් විසින් පොදුවේ පිළිගනු ලබන කරුණකි. එසේ නමුදු ලෝකය අද පවතින තත්ත්වයට දියුණු වූයේ සහස්‍රයකට, අඩසියවසකට පින්සිදු වන්නටය. පා ගමනට හුරු වූ මිනිසා පොළෝ තලයෙන් නොනැවතී විශ්වය ජයගන්නටත් සතෙකුගේ පිට මත භාණ්ඩ ගෙන ගිය ඔහු සාගර බඳු නෞකාත්, ටොන් සිය ගණනින් යුත් භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානාත් බිහි කළේ ද මේ කාලය තුළදීය. එහෙත් මේ වසර දහස දෙකට බෙදමින් බිහි වූ අවසාන සියවස් පහේදී මිනිසාගේ වර්ධනය වඩාත් වේගවත් විය. ගස් පොතුවලින් රෝග සුවකර ගත් මිනිසා ප්‍රතිජීවක මඟින් තම පරමායුෂත් නිරෝගිතාවයත් සුරක්ෂිත කරගන්නේ මේ ක්‍රියාවලියට මුල් වූ නව්‍ය විද්‍යා පර්යේෂණවලට පින්සිදු වන්නටය. ලෝකය වෙනස් කළ මේ විද්‍යා පර්යේෂණ පිළිබඳ තතු විමසීමක් අද සිට සිදු කෙරේ. එම පර්යේෂණයන්හි අගය එකිනෙක සැසඳිය නොහැකි වන හෙයින් සිදු වූ අනුපිළිවෙළ අනුව මේ ලිපි මාලාව සැකැසේ.
ලෝක පූජිත නිකලස් කොපර්නිකස් නම් පෝලන්ත ජාතික තාරකා විද්‍යාඥයා 1543 දී තම මරණ මංචකයේ සිටියදී නව විද්‍යාත්මක න්‍යායක් ප්‍රකාශයට පත් කළේය. සූර්ය කේන්ද්‍රීය න්‍යාය යනුවෙන් හඳුන්වනු ලැබු එමඟින් ග්‍රහ මණ්ඩලය මධ්‍යයෙහි සූර්යයා නිසොල්මන් ලෙස සිටින බවත් අනෙක් ග්‍රහලෝක සූර්යයා වටේ භ්‍රමණය වන්නේ යැයි පළමු වරට ප්‍රකාශ විය. මේ මතය ප්‍රකාශ වීමට පෙර පෘථිවිය රැඳී සිටින්නේ විශ්වය මධ්‍යයේ ය යන්න විද්‍යාඥයන් විසින් පිළිගෙන තිබු මතය විය. එයට අමතරව නවීන තාරකා විද්‍යා හා විද්‍යාත්මක පර්යේෂණයන් ආරම්භ කළ යුතු මධ්‍යස්ථානය බව ප්‍රකාශ කෙරිණ. ශතවර්ෂ ගණනාවක් තිස්සේ යුරෝපයේ මුල් බැස ගෙන තිබූ ටොලමිගේ මතිමතාන්තර එමඟින් බැහැර කෙරිණ.
පුරාතනයෙහි විසූ ග්‍රීක තාරකා ශාස්ත්‍රඥයන් විසින් සූර්ය කේන්ද්‍රවාදය යනුවෙන් මතයක් ප්‍රකාශ කර තිබූ බව කොපර්නිකස් දැන සිටි නමුදු එම තාරකා ශාස්ත්‍රඥයන්ගේ න්‍යායයෙහි නියත විස්තර පිළිබඳව දැනීමක් හෝ හැඟීමක් තිබුණේ ද යන්න පිළිබඳව තොරතුරු නොලැබේ.
තම සූර්ය ‍කේන්ද්‍රීය න්‍යාය පිළිබඳව දළ සැලැස්මක් කොපර්නිකස් 1514ට පෙර තම සගයන්ට පෙන්වා දී තිබුණ ද ඔහුගේ අවසාන කාලයේදී රෙහටිකස් නම් ශිෂ්‍යයා විසින් බල කර ක්‍රියාත්මක කරන තුරු එය ප්‍රකාශයට පත්කිරීමට ඔහුට නොහැකි වී තිබිණ. ගණිතමය ක්‍රමානුකූලතාවක් ඇති විශ්ව චක්‍රයට සාවද්‍ය බලපෑම් ඇතිකරන ටොලමිය විඥානවාදී මතයක් ආරක්ෂා කරමින් චන්ද්‍ර වර්ෂ දීර්ඝත්වය සිත්ගන්නා නිවැරැදි අයුරකින් තීරණය කිරීම කොපර්නිකස් මුහුණ පෑ අභියෝගය විය. මෙනිසා යම් දුර්වලතා සහිත ටොලමිය අංග කිහිපයක් ඇතුළත් වී තිබුණ ද ලෝකයටම නව්‍ය වූ මත රාශියක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකියාව ලැබුණේය. හිරු වටා භ්‍රමණය වන ග්‍රහලෝකයන් රාශියක් අතර පෘථිවිය එකක් වන බව, තමා වටා භ්‍රමණය වීම වාර්ෂික පරිභ්‍රමණය, තම කක්ෂය වටා ගමන් කිරීම යනුවෙන් භ්‍රමනයන් තුනක් පෘථිවියට ඇති බව ද පෘථිවියේ භ්‍රමණය නිසා ග්‍රහලෝකවල පරාවර්තනීය ගමන් විලාසයක් ඇතිවන බව හා තාරකා සමඟ පෘථිවියේ ඇති දුරට වඩා අඩු දුරකින් සූර්යයා පිහිටා තිබෙන බව එම නව මතයන් වෙයි.
තාරකා ශාස්ත්‍රයට නවතම වූ මේ මතයන් ප්‍රකාශ වී ශතවර්ෂ කිහිපයක් යනතුරු එම යුගයෙහි සිටි ශාස්ත්‍රඥයන්ගේ අවධානය මේ මතයට නොලැබුණ ද මේ පොතෙහි ප්‍රකාශනය, එම යුගයෙහි ඉහළ මට්ටමක් සලකුණු කරමින්, පළමු මුද්‍රණයේ පිටපත් 500ක් ප්‍රකාශයට පත්වූ අතර දෙවැනි මුද්‍රණයේ පිටපත් මේ වනතුරු නිරුපද්‍රිතව පැවැතියේය.
කොපර්නිකස් ඉදිරිපත් කළ මේ මතය නවීනතම විද්‍යානුකූල අදහසක් වූ නමුදු එම අදහස පිළිගත් ඔහුගේ සමකාලීනයන් ප්‍රමාණය අතළොස්සකටත් වඩා අඩු වූ අතර සූර්ය කේන්ද්‍රීය තාරකා විද්‍යාව අනුගමනය කළ තාරකා විද්‍යාඥයන් බිහිවීමට පරම්පරාගත කාලයක් ගත විය.
නව විද්‍යාත්මක සොයා ගැනීම් අනුව කොපර්නිකස්ගේ සොයා ගැනීම් නිසා ලෝකයට වාසි රැසක් ලැබුණේය. ග්‍රහලෝක අතර හිස් අවකාශයක් නැතැයි යන ඇරිස්ටෝටල් මතය බිඳ හෙළා දමමින් හිරු හා ඒ ඒ ග්‍රහලෝක අතර ඇතිදුර නිවැරැදි ලෙස පුරෝකථනය කළේය. පෘථිවියෙහි ඍතු ඇතිවීම පිළිබඳව ද පැහැදිලි හේතු දැක්වූයේ හිරු වටා පෘථිවියෙහි ගමන චක්‍රාකාර පරිචයක් මත සිදු නොවීම මෙයට හේතු වී ඇති බව ද පෙන්වා දුන්නේය. එයට අමතරව, පෘථිවිය හිරු වටා භ්‍රමණය වීමට අනුරූපව අනෙකුත් ග්‍රහලෝකයන් අප කෙරෙන් ඉවතට යන සෙයක් පෙන්නුම් කරන බව ද ඔහු නිවැරැදි ලෙස පළමු වරට පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, 17 වැනි සියවස එළඹීමත් සමඟම කොපර්නිකස්ගේ සොයා ගැනීමෙහි අගය පෙන්නුම් කෙරුණු පර්යේෂණ ගණනාවක් සාර්ථකව පැවැත්වීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබුණේය. අති ප්‍රබල දුරදක්නයක් බිහි කිරීම තුළින් බ්‍රහස්පති ග්‍රහයා වටෙහි චන්ද්‍රයන් සිව්දෙනෙකු සිටින බව පෙන්වා දීම නිසා චන්ද්‍රයන් සම්බන්ධ වීම පෘථිවියට පමණක් සීමා නොවන බව පෙන්වා දීමක් විය.
පොළොව හැරුණ විට වෙනත් ග්‍රහලෝක ද ඇති බව පෙන්නුම් කරමින් වීනස් ග්‍රහලෝකය සොයා ගැනීම නිසා විශ්වයේ පිහිටීම පිළිබඳව ටොලමිගේ න්‍යාය මඟින් විස්තර නොකෙරෙන ප්‍රශ්නයක් මතු වූයේය.
එයට අමතරව, 1639 දී ගියෝනි ස්වපි විසින් බුද ග්‍රහයා සොයා ගැනීම හා 1687 දී ශ්‍රිමත් අයිසෙක් නිව්ටන් විශ්ව ගුරුත්වාකර්ෂණය සොයා ගැනීම මේ අංශයන්ගේ ප්‍රගතිය පෙන්වන සලකුණු වෙයි.
ග්‍රහලෝක තරණය කිරීමට අමතරව, විශ්ව අවකාශයේ පර්යේෂණ විද්‍යාගාර තනමින් ඈත එපිට ඇති අඟහරු ග්‍රහයා තුළ මිනිස් පරපුරක් පදිංචි කරවීමට උත්සාහ දැරිය හැකි මට්ටමට වසර හාර පන්සියයක් පමණ වූ සුළු කාල නිමේෂයකදී ලෝක විද්‍යාඥයන්ට සමත්කම ඇති වූයේ කොපර්නිකස් නම් වූ මේ තාරකා විද්‍යාඥයා තබන ලද මුල්ගල නිසාය. ඔහු නොසිටින්නට චන්ද්‍ර වර්ෂ ක්‍රමය අනුව කාල මානය කරමින් පෘථිවිය මුල්කරගෙන විශ්වය ජයගන්නට තතනන විද්‍යාඥයන් පිරිසකගේ අසාර්ථක අත්හදා බැලීම් දෙස අද දක්වාම බලා සිටීමට ලෝකයට සිදු වනු නියතය.

අහසේ සිට පෙනෙන සයුරු පතුලේ සුන්දරත්වය


අහසේ සිට පෙනෙන සයුරු පතුලේ සුන්දරත්වය

සිතියම් විද්‍යාවට අනුව කළ ගණනය කිරීම් අනුව සකස් කළ සිතියමකි.

මහ සයුරේ පතුල මහ පොළොවේ මතුපිට හා සමානද? මහ පොළොවේ මතුපිට පියවි ඇසින් දැක ගැනීමට හැකි වුවත් සයුරු පතුල පියවි ඇසින් බලා ගැනීම අසීරුය. එහෙත් සයුරු පතුල දැකබලා ගැනීමේ උත්සාහය ජයගෙන දශක ගණනාවක් ගත වී ඇත. එසේ වුවද සාමාන්‍ය ජනයා අතර ඒ පිළිබඳව ඇත්තේ අල්ප දැනුමකි. මෙතෙක් කර තිබෙන පර්යේෂණවලට සහ නිරික්ෂණවලට අනුව මහ පොළොව මතු පිට හා සමානවුත් ඊට නොදෙවෙනි වූත් සුන්දරත්වයක් සයුරු පතුලේ තිබෙන බැව් හෙළිදරව් වී ඇත. වරෙක මහ සයුර නිසල සමතල බවක් පියවි ඇසට දුරසිට පෙනුනත් එසේ නොවීම විද්‍යාඥයන්ගේ කුතුහලයට හේතුවක් විය. සයුරු පත්ලේ කන්දක වැනි විශාල උස්වූ පෙදෙසක් ඇත්තේ කොතැනද එම සීමාවේ සයුර මතුපිට ඇත්තේ උස් වූ ජල කඳකි. සයුරු පත්ලේ ආගාධයක් ඇත්තේ කොතැනද එම සීමාවේ සයුර මතුපිට ඇත්තේ එවැනිම ආගාධ සීමාවකි. මේ අනුව සයුරු පතුල මහ පොළොව මතුපිට මෙන් වල ගොඩැලි, උස් බිම්, සානු පෙදෙස්, තැනිතලා භූමි වැනි භූ විෂමතා වලින් යුත් පරිසරයක් වෙයි.
ඇමරිකානු නාවික හමුදාවේ අරමුණ වූයේ සිතියම් විද්‍යාවට අනුව කෙරෙන ගණනය කිරීම් තුළින් පියවි ඇසට නොපෙනෙන සයුරු පත්ලේ සැම තැනක්ම නිවැරදිව සොයා ගැනීමයි. මේ අසීරු කටයුත්ත සඳහා ඇමරිකානු නාවික හමුදාව සබ්මැරීන් නිලධාරීන් හා අනෙකුත් පර්යේෂකයන්ගේ සහය ලබා ගැනීමට අදහස් කළේය. ඉතා අසීරු කටයුත්තක් වූ මෙය මිනිස් හිස්කබල පරීක්ෂාකර මොළයේ ප්‍රමාණය තීරණය කර ගැනීමක් හා සමානවිය. මෙහිදී තැනින් තැන හටගෙන තිබෙන කඳු සහ සානු පෙදෙස්වලින් පර්යේෂකයන්ට පෙනී ගියේ ඒ ඒ ස්ථානයට අනුව වෙනස්වන පෘථිවි ගුරුත්වාකර්ෂණයේ ස්වභාවයයි. වසර 1985 දී ඇමරිකානු නාවුක හමුදාව විසින් ජියෝසැට් (Geosat) නම් චන්ද්‍රිකාවක් පෘථිවියේ සිට සැතපුම් 500 ක් ඉහළින් පිහිටි ධ්‍රැවීය කක්ෂයක (Polar Orbit) රඳවන ලදී. පෘථිවියට වඩා වෘත්තාකාර කක්ෂයක ගමන් කළ මේ චන්ද්‍රිකාව මගින් නිකුත් කළ රේඩාර් තරංග පරාවර්තනයෙන් සයුරු පතුල පිළිබඳ තොරතුරු සොයා ගැනීමට හැකිවිය. මෙහිදි මේ චන්ද්‍රිකාව මඟින් නිකුත් කළ අධි සංඛ්‍යාත රේඩාර් තරංග මගින් සයුරු පත්ලේ චිත්‍රයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන්ට හැකිවිය.මේ චිත්‍රය මගින් ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳ නිවැරදි තොරතුරු සහ මිනුම් ලබාගෙන ඇත. මේ නිසා විද්‍යාඥයින් පෘථිවි චුම්භක ක්ෂේත්‍රය පිළිබඳ පියකරු චිත්‍රයක් නිර්මාණය කිරීමට උනන්දු නොවූවත් සිතියම් විද්‍යාවට අනුව කළ ගණනය කිරීම් තුළින් සයුරු පත්ලේ යම් දේශ සීමාවක නිවැරදි තොරතුරු සොයා ගැනීමට උනන්දු විය.
සයුරු පත්ලේ කඳු
ඩේවිඩ් සැන්ඩ්වෙල් සහ වෝල්ටර් ස්මිත් යනු මේ කටයුත්ත සඳහා වඩාත් උනන්දුවෙන් ක්‍රියා කළ විද්‍යාඥයෝ දෙදෙනෙකි. ජියෝසැට් යානයෙන් ලද දත්ත ඉතා සූක්ෂ්මව වර්ගීකරණයකට ලක්කර එමඟින් ගුරුත්වාකර්ෂණ බලයේ ඉතා සුළු වෙනස් වීමක් පවා සොයා ගැනීමට මේ විද්‍යාඥයන් දෙදෙනාට හැකිවිය. සිතියමට අනුව ගුරුත්වාකර්ෂණ බල වෙනස්වීම පුළුල් ඉරි වලින් පැහැදිලිව පෙන්වාදෙන ලදි. මේ ඉරිවලින් සයුරු පත්ලේ තිබෙන කඳු පෙදෙස්වල ස්කන්ධය, සානු පෙදෙස්වල ස්කන්ධයට වඩා වැඩි බැව් පෙනී ගියේය. සයුර මතුපිට තිබෙන ඉහළට එසවුණු නෙරීම් සයුරු පත්ලේ තිබෙන කඳු පෙදෙස්වල ස්කන්ධය සානු පෙදෙස්වල ස්කන්ධයට වඩා වැඩි බැව් පෙනී ගියේය.
මහ සයුරේ මතුපිට තිබෙන ඉහළට එසවුණු නෙරීම් පිළිබඳව චන්ද්‍රිකාවේ නිගමනය වූයේ සාගර පත්ලේ කඳු පෙදෙස් තිබෙන බවයි. ලැමෝන්ට් ඩෝගෙට් පෘථිවි නිරීක්ෂණාගාරයේ භූ විද්‍යාඥ විලියම් හැක්ස්බිට මේ ගෞරවය හිමිවිය යුත්තේ වසර 1980ට පෙරත් නාසා ආයතනයෙන් කක්ෂගත කළ සී සැට් (Sea Sat) චන්ද්‍රිකාව මගින් ලබා ගත් දත්ත අනුව අසම්පූර්ණ වුවත්, අපැහැදිලි වුවත් සිතියම් ඇඳ ඒ තුළින් කිසියම් නව සොයා ගැනීමකට උත්සාහ කිරීම හේතුවෙනි. සී සැට් චන්ද්‍රිකාව මගින් සටහන් කළ භූ රේඛා අතර පරතරය සැතපුම් 30 ක් පමණ වුවත් ජියෝ සැට් චන්ද්‍රිකාව මගින් සටහන් කළ භූ රේඛා අතර පරතරය සැතපුම් 2ත් 4 ත් අතර ප්‍රමාණයක් විය. එසේම සැතපුම් 6ක් තරම් පරතරයක් තිබෙන භූ රේඛාද ඒ අතර විය. සීසැට් චන්ද්‍රිකාවේ රේඩාර් තරංගවල ස්පන්දන පෘථිවියේ මතුපිටට පැමිණ පෘථිවිය මතුපිට පතිතවී නැවත පරාවර්තනය වන කාලයට අනුව චන්ද්‍රිකාව පෘථිවියේ සිට පිහිටා තිබෙන උස නිර්ණය කර ඇත. එම රේඩාර් තරංගවල වේගය ආලෝකයේ වේගයට සමානවෙයි. ඩොප්ලර් ආචරණය මගින් එම චන්ද්‍රිකාව පිහිටා තිබෙන උසත් හා එහි ප්‍රවේගයත් නිර්ණය කර ඇත. එහෙත් චන්ද්‍රිකාවට නියමිත කක්ෂයේ රැඳවී තිබී නැත. හේතුව සූර්ය සුළං මගින් චන්ද්‍රිකාව වෙතට ඇතිකරන බලපෑම් හෙවත් පහරදීම්වලට ගොදුරු වීමය. එබැවින් මේ පර්යේෂණයේදී විද්‍යාඥයන් දෙදෙන ප්‍රධාන කරුණු දෙකක් වෙත ඔවුන්ගේ අවධානය යොමුකර ඇත. ඉන් පළමුවැන්න සයුර මතුපිට සිට චන්ද්‍රිකාව පිහිටා තිබෙන උස සහ දෙවැන්න පෘථිවි කේන්ද්‍රයේ සිට චන්ද්‍රිකාව පිහිටා තිබෙන දුරයි. චන්ද්‍රිකාව මගින් ලබාදුන් දත්තවලට අනුව විද්‍යාඥයන් තීරණය කළේ ජලය මතුපිට ක්‍රියාකරන ගුරුත්වාකර්ෂණ බලය පහළට ක්‍රියාකරණ අතරම සයුරු පත්ලෙන් ඉහළටද ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාකරණ බවය. මේ ගුරුත්වාකර්ෂණ බල දෙකම සයුර මැදදී එකිනෙක හමුවී බලය බිඳී අගය ශූන්‍ය වන බවය. මෙවන් පෙදෙස්වල භූ ලක්ෂණ සිතියමේ පැහැදිලිව සටහන්වී නැත. ජල තලයේ සෑම තැනම පිහිටි ගුරුතවාකර්ෂණ බලයේ දිශාව මේ විද්‍යාඥයන් දෙදෙන විසින් කරන ලද ගණනය කිරීමකින් පසුව එහි විශාලත්වය ගණනය කිරීමට හැකිවිය. ඉන්පසු ඔවුන් කළේ එම දත්ත අනුව සුදුසු වර්ණ යොදමින් දත්ත සිතියම් කිරීමය.
ගුරුත්ව සිතියම
මේ සිතියමෙන් පෙන්වාදුන්නේ මුහුදු පත්ලේ මූලික සැලැස්ම සහ භූ පත්ල සකස් වී ඇති ආකාරයය. සිතියමට අනුව දම් අඳුරු පැහැයෙන් ඉතාමත් ගැඹුරු ආගාධ නිරූපණය කරන අතර මේ ස්ථාන වලදී භූතල එකිනෙක හමුවී ඒවායේ කෙළවරවල් ප්‍රාවරණය තුළට කිඳාබැස ගත් ආකාරයක් පෙන්වයි ඊසාන දිග නවසීලන්තයේ ටොන්ගා ආගාධයේ වෙන් වෙන්ව හඳුනා ගැනීමට හැකියාවක් ඇති ගිනි කඳු පේළියක් දක්නට ලැබේ. මේ සිතියමේ දක්නට තිබෙන විශේෂ අංගයක් වන්නේ විශාල පැළුම් සහිත කලාප පිහිටා තිබෙන ආකාරයක් දක්නට ලැබීමයි. මේ පැළුම් අත්ලාන්තික්, පැසිපික් සහ ඉන්දියන් යන සාගර පත්ල හරහා විහිදී යන බවක්ද දක්නට ලැබේ. මේ පැළීම් ඉතා ගැඹුරුය, මෙහි දක්නට ලැබෙන වැටි (Ridge) හට ගැනීමට හේතුව ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ භූතල දෙකක් හටගෙන ඒ අතරින් ලාවා ගලා ඒමයි. ක්‍රමයෙන් මේ වැටි අතරින් ඈතට යත්ම ලාවා නිසාම හටගත් මඩ තට්ටුවලින් සාගර පත්ල වැසීයන ආකාරයක් දක්නට ලැබේ.
ගුරුත්ව සිතියමේ පැළීම් කලාපය රේඛාවක ආකාරයක් පෙන්වයි. මෙමගින් සාගරවල වර්ධනයත් මහාද්වීපවල හටගැනීමත් පැහැදිලිවම පෙන්වයි. අදින් වසර මිලියන110ක් තුළ සිදුවූ බටහිර අප්‍රිකාව හා උතුරුඇමෙරිකාව ඈත්වීම පෙන්වාදීමට මෙමගින් හැකිවන අතර මහාද්වීප වසරකට අඟල් 1හෝ 2 හෝ ඈත්වන බැව් විද්‍යාඥයෝ පෙන්වාදෙති. මෙහි තිබෙන පළමු සිතියමෙන් පෙන්වා දෙන්නේ දකුණු ඉන්දියානු සාගරයත් ඔස්ට්රේලියාවත් හා ඇන්ටාටිකාවත් එකිනෙකට ඈත්වීමය. මේ පැළීම් මගින් පෙන්වා දෙන්නේ ඉන්දියාව ආසියාවට යාවීම සඳහා පාවීගිය මාර්ගයයි. එය හිමාලය බිහිවීම සඳහා හේතුවූ ගැටුමේ සලකුණක් පමණි. මධ්‍ය අත්ලන්තික් වැටිය අත්ලන්තික් සාගරයේ මැද ග්‍රීන්ලන්තයේ ජාන්මේයන් හි සිට කේප් හෝන් දක්වා විහිදී යයි. එහි ගිනිකඳු ක්‍රියාවලිය උපරීම වී පසුව ගොඩබිමක් බවට පත්වී ඇත.