Thursday, September 8, 2016

දුමින්ද එල්ලන්න වැලිකඩ එල්ලූම්ගහ සූදානම්..

දුමින්ද එල්ලන්න වැලිකඩ එල්ලූම්ගහ සූදානම්..
දුමින්ද සිල්වා එල්ලා මරන්න නියෝග කෙරේ..
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිවු දෙනෙකු වෙඩි තබා ඝාතනය කලේ යයි එල්ල වූ චෝදනාවන්ට වරදකරැවන් කරමින් මරණ දණ්ඩනය නියම කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු සිවු දෙනා සිවි තොර වන තෙක් එල්ලා තැබීමට වැලිකඩ බන්ධනාගාරයේ ඇති එල්ලූම්ගස සූදානම් බව බන්ධනාගාරයේ ඉහල නිලධාරියෙක් පැවසීය.
ඒ සදහා ජනාධිපතිවරයා අත්සන් තබනු ලබන  ඕනෑම මොහොතක දඬුවම ක‍්‍රියාත්මක කිරීමට සූදානම් යයිද ඔහු කියා සිටියේය.

Tuesday, September 6, 2016

ඩිල්ස්කූප් අයිතිය එදා උදුරා ගන්න හැදුවේ කවුද? ඩිල්ෂාන් 'මව්බිම'ට හෙළි කරයි

Image result for dilshan dilscoopImage result for dilshan dilscoop
ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ එක්දින ක්‍රිකට් පිටියේදී ලකුණු දසදහසක් ඉක්මවමින් ලකුණු රැස්කළ පිතිකරුවන් සිටින්නේ එකොළොස් දෙනකු පමණි.
ඒ අතරට ශ්‍රී ලාංකික පිතිකරුවන් සිවුදෙනකුද ඇතුළත්ය. ඒ හතරදෙනාගේ ලැයිස්තුවෙහි සිවුවැන්නා ලෙස සිටින මොහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ වසර 17ක ක්‍රීඩා සමය තුළදී ලබාගත් ටෙස්ට් ක්‍රිකට් ලකුණු ප්‍රමාණයද පන්දහස ඉක්මවා ඇත.
එපමණක්ද නොව පන්දු යැවීමෙන් හා පන්දු රැකීමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නම දිනාගත් මෙම තුන්ඉරියව් දක්‍ෂයා නමින් තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්ය.
එක්දින ජාත්‍යන්තර කඩුලු 100ක්ද ඉක්මවා ලබා පන්දුවෙන්ද දස්කම් දැක්වූ මොහු ගැන පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමත් සමඟ කතාබහ වැඩි විය. එහෙත් ඔහුගේ දක්‍ෂතා ඔහු ක්‍රීඩා කරන සමයේ වැසී තිබුණේ සංගක්කාර හා මහේල වැනි ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාවන්ගේ සෙවණැලිවලට මුවාවී තිබූ නිසා දැයි අදහසක් මතුවේ.
එය බොහෝ විට මුරලිදරන්ගේ දක්‍ෂතා හමුවේ රංගන හේරත්ගේ දක්‍ෂතා වැසී තිබුණා මෙන්ය. කෙසේ වෙතත් වසර 17ක් රට වෙනුවෙන් දායකත්වය දැක්වූ ක්‍රිකට් තරුවක් විශ්‍රාම යන විට ක්‍රීඩාලෝලී කා හටත් ඇතිවන හැඟීම්වලට සමාන්තර අදහස් දැනගැනීමේ අරමුණෙන් පසුගිය දිනෙක ඩිල්ෂාන් මුණගැසුණෙමු.
• ක්‍රිකට්වලින් සමුගැනීම කොහොමද ඇඟට දැනෙන්නේ?
ගොඩාක් හොඳින් ගතකරනවා. හැමදාම උදේට මෙතැනට (ඩිල්ෂාන්ට අයත් කොළඹ 06 පිහිටි හෝටලය) ඇවිල්ලා දවස ආරම්භ කරනවා. මේ පරිසරයට මම හරි ආසයි. උදේට ළමයි ස්කෝලෙට දාලා මෙතැන විවේකීව කාලය ගෙවනවා.
• සමුගැනීමේ අදහස ආවේ කොහොමද?
බාහිරින් මට ආපු දේවල් එක්ක බලපුවාම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න හොඳම වෙලාව මේකයි කියලා මම තීරණය කළා. ගොඩාක් ක්‍රීඩකයෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තෙ කලකිරිලා. එහෙම නැතිව දැන්ම සමුගෙන නවකයකුට මගේ තැන දුන්නොත් හොඳයි කියන අදහස මට ආවා.
• වසර 17ක ඔබේ ක්‍රිකට් දිවියේ ප්‍රධානතම කඩඉමක් ලෙස ඔබට කණ්ඩායමේ නායකත්වය ලැබීම හඳුන්වන්න පුළුවන්. ඒ ගැන ඔබේ අදහස?
ජාතික කණ්ඩායමේ නායකත්වය මම කිසි දිනක බලාපොරොත්තු වූ එකක් නොවෙයි. ඒ වෙලාවෙ 2011දී හිටපු ජේ‍යෂ්ඨ ක්‍රීඩකයෝ නායකත්වයෙන් ඉල්ලා අස්වුණාම නායකත්වය භාර ගන්න කෙනෙක් හිටියෙ නැහැ.
නමුත් ඒ වෙලාවේ හිටපු ක්‍රිකට් සභාපති ඩී.එස්. අයියා මට කීවා මල්ලි නායකත්වය අරගෙන මාස 6ක් කරලා දෙන්න කියලා. මම ඊට කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් රටේ අවශ්‍යතාවත්, මගේ තිබූ පළපුරුද්දත් සලකා බලා මම නායකත්වය ගෙන අවුරුද්දක් යනකොට හොඳ කණ්ඩායමක් ගොඩනඟා ගන්න හැකි වුණා.
• ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ ඔබ එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ශ්‍රී ලාංකිකයකු ලෙස තැබූ වාර්තාව ගැන කතා කළොත්?
ලෝකෙ ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයකුට ලෝඩ්ස් ටෙස්ට් තරගයකදී ශතකයක් ලබා ගැනීම සිහිනයක්. මට අද වගේ මතකයි එදා ටෙස්ට් තරගයට පෙර පුහුණුවීම්වලදී මම කිව්වා ලෝඩ්ස් පිටියේ ශතක නාම පුවරුවෙ හෙට මගේ නම දානවා කියලා.
මම එහෙම කියලා තරගයට ගියේ. නායකයෙක් විදියට පළමුවෙනි සංචාරයේ පළමු ටෙස්ට් තරගය පැරැදිලා හිටියෙ. ඒ නිසා ලෝඩ්ස් 2 වැනි ටෙස්ට් තරගයට දැඩි අධිෂ්ඨානයෙන් ආවෙ. එක් දිනක් අවසානය වන විට මම ලකුණු 100ක් ගහලා හිටියෙ. ඒත් ඇඟිල්ලට බෝලෙ වැදිලා ඇඟිල්ල පුපුරලා තිබුණෙ. ඊළඟ දවසේ එනකොට අතට ග්ලවුස් එක දාගන්නත් බැරිව හිටියේ. ඒත් මම කොහොම හරි බැට් කරන්නම් කියලා තව ලකුණු 93ක් ගත්තා. ඊට කලින් තවත් පාරක් බෝලෙ ඇඟිල්ලෙ වැදිලා තිබුණා.
• ඔබ නායකත්වය දරන කාලේ කණ්ඩායමේ සිටි ජේ‍යෂ්ඨයන්ගෙන් බලාපොරොත්තු වූ දේවල් ලැබුණේ නැහැ කියන මතයක් ගොඩනැඟී තිබෙනවා. එහි  සත්‍යතාවක් තියෙනවාද?
මම බලාපොරොත්තු වූ ගොඩාක් දේවල් මට ලැබුණේ නැහැ. ඒ කාලේ සෑහෙන ප්‍රශ්නවලට මුහුණ දුන්නා. මම හිතන්නේ දැන් ඒවා කතා කළ යුතු නැහැ කියලයි. මට වෙච්ච දේවල්, අසාධාරණකම් හැමෝම දන්නවා.
• හැමෝම දන්නෙ එහෙන් මෙහෙන්නේ. මේකෙ ඇත්ත කතාව ඔබ කීවොත් වැරැදි ආරංචි පැතිරීම නවතීවි නේද?
මේකයි මගේ අවුරුද්ද තුළ පුහුණුකරුවොත් හතර දෙනෙක් හිටියා. මට ඒගොල්ලන්ගෙන්වත් සහයෝගයක් ලැබුණේ නැහැ. සමහර පුහුණුකරුවො රෑට කතා කරපු දේ උදේට වෙනස් කරනවා. මම දන්නේ නැහැ කවුද එයාලගෙ ඔළුව වෙනස් කළේ කියලා. රෑට කතා කරල හදන කණ්ඩායම පුහුණුකරු උදේට වෙනස් කරන්න කතා කරනවා.
අවුරුද්දක් තුළ පුහුණුකරුවො 4 දෙනෙක් එක්ක වැඩ කරනවා කියන්නෙ මට කිසිම සැලැස්මක් හදාගන්න බැහැ. ඒ වගේ සෑහෙන ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න එක්ක මම තරග ජයග්‍රහණය කළා. ඒවා ලොකුවට ඔළුවට ගත්තෙ නැහැ. ඒ ප්‍රශ්න ඔක්කොම මම හතරේ සීමාව ඇතුළට යනකොට අමතක කරලා ක්‍රීඩා කළා.
• මාස 6කට භාරගන්න කීවත් අවුරුද්දක් පමණ ඔබ නායකත්වයේ හිටියා. එපා වෙලාද නායකත්වයෙන් ඉවත් වුණේ?
එපාවෙලා ගියේ නැහැ. මොකද ප්‍රශ්න තිබුණත් අවුරුද්දක් යනකොට මම කණ්ඩායම හොඳින් හදාගෙන තිබුණේ. අපි දකුණු අප්‍රිකාවෙදි ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළා. එක්දින තරගාවලිය ජය ගන්න බැරි වුණේ වර්ෂාවෙන් බාධා තිබූ නිසයි. එහෙම ජයග්‍රහණ මාවතේ අපි ඉන්නකොට එක්වරම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවත් මාරුවෙලා බොහෝ දේ වෙනස් කළා. අපි දකුණු අප්‍රිකාවේ ඉන්න දිනක මට එරටේ වේලාවෙන් දවල් 12.00ට පමණ ලංකාවෙන් දුරකතන ඇමැතුමක් ආවා.
තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහත්මයා මට කීව ඔයා නායකත්වයෙන් ඉවත් වෙන්න අපි වෙන නායකයෙක් බලනවා කියලා. මම හේතුව අහන්න ගියේ නැහැ. ඕන තීරණයක් ගන්න කියල මම කීවා. ඊට පසුව පැයක් ඇතුළත මම ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එව්වා. ඒත් මට හිතාගන්න බැරි වුණා හේතුව. අපි ඒ කාලෙ දකුණු අප්‍රිකාව පැරැද්දුවා. ඉන්දියාව පැරැද්දුවා. ඕස්ට්‍රේලියාවේ පැවැති වී.බී. තුන්කොන් තරගාවලියේ අපි අවසාන මහා තරගයටත් ආවා. 
• ඒ වන විට නායකත්වයෙන් යන්න බලාපොරොත්තුවෙන් හිටියෙ නැහැ?
නැහැ. මොකද මම කණ්ඩායමත් එක්ක ඉහළ ගමනක් ආපු වෙලාවෙ මට එක්වරම අයින් වෙන්න කීවාම හිතාගන්නත් බැරි වුණා. ඊට පසුව මහේල යළි නායකත්වයට පත් කළා. ඉන් පසුව එහි සිට ඕස්ට්‍රේලියාවට යන්න කීවත් මම හොඳ මානසිකත්වයකින් නොසිටි නිසා මට නැවත ලංකාවට එන්න ඕන බව දැන්නුවා. ඇවිල්ල ගෙදර අය සමඟ මගේ ප්‍රශ්න කතා කරල හිත හදාගත්තා.
• නැවත ඕස්ට්‍රේලියා තරගාවලියට සහභාගි වුණා නේද?
ඔව්. මම නැවත අධිෂ්ඨානශීලීව ඕස්ට්‍රේලියානු තරගාවලියට සහභාගි වෙලා 2013දී එම එක්දින තරගාවලියේදී ලකුණු 500කට වැඩිය ලබාගත්තා. තරගාවලියේ වීරයා බවටත් පත් වුණා. එතෙක් කිසිම ලාංකික ක්‍රීඩකයෙක් ඕස්ට්‍රේලියාවේදී ලකුණු 200කට 300කට වැඩිය ලබාගෙන නැහැ. ඒ නිසා මගේ මවුබිම වෙනුවෙන් සියයට දෙසීයක් කරල තියෙනවා කියල මට සන්තෝසෙන් ගෙදර ඉන්න පුළුවන්.
• එතැනින් පසුව සියලු ප්‍රශ්න අමතක කරල ඉදිරියට ආවා?
නැහැ. කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන්ගෙන් මට ප්‍රශ්න තිබුණා. දැනටත් කණ්ඩායමේ සමහර ක්‍රීඩකයොත් එක්ක 2007 සිට මම කතා කරන්නෙ නැහැ. නමුත් ක්‍රීඩාංගණය ඇතුළට ගියාම කරට අත දාගෙන කතා කරන්නේ අපි ක්‍රීඩා කරන්නෙ රට වෙනුවෙන් නිසයි.
• රටෙන් ඔබට ලැබුණු දේවල් ගැන කතා කළා. ඔබෙන් රටට මොනවද කරන්නෙ?
මම වෘත්තීය මට්ටමෙන් රටේ ක්‍රිකට්වලට සේවයක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ නවකයන්ට මම දන්න දේ ස්වේච්ඡාවෙන් කියල දෙන්න මම ඕනෑම වේලාවක සූදානම්. මගේ දුරකතනයත් ඒ සඳහා ඕනෑම වෙලාවක විවෘතයි.
• ඔබගේ ක්‍රිකට් දිවිය ගැන කතා කළොත් 'ඩිල්ස්කූප්' පහර ගැන කාටවත් අමතක කරන්න බැහැ. මේක කාගේ අදහසක්ද?
ඒක මගේම අදහසක්. මම ඉස්සර වෙලාම ඩිල්ස්කූප් පහර ගැහැව්වේ 2008 අයි.පී.එල්. එකේදියි. ඊට පසුව ලංකාවට ඇවිල්ල ඒ පහර ටෙනිස් බෝලෙන් ගොඩාක් පුහුණුවීම් කළා. එවකට හිටපු සහාය පුහුණුකරු චන්දික හතුරුසිංහත් එක්ක ඒ පුහුණුවීම් කරල පසුව මම එංගලන්තයට ගිහිල්ලා 2009 විස්සයි විස්ස වර්ල්ඩ් කප් එකේදී ඕස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන්ට හයේ පහරක් ගහන තෙක් මගේ පුහුණුකරුවොත් දැනගෙන හිටියේ නැහැ මම එතරම් හොඳට ඒ පහර ගහනවා කියල. ඒ පහරත් එක්ක හොඳට ක්‍රීඩා කරපු නිසාම එම ලෝක කුසලාන තරගාවලියේදී තරගාවලියේ වීරයා සම්මානයත් හිමි වුණා.
• ඒ කාලෙ ඔබේ බොහෝ දේට විරුද්ධ වූ සමහරු ඔය ඩිල්ස්කූප් පහර ගෙන ආ අදහසට විරුද්ධ වුණේ නැද්ද?
මගේ නමින් ඒ විදියේ ක්‍රිකට් පහරක් හැඳින්වීම ගැන සමහරුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. එක එක අය ඒකට වෙනත් නම් දාන්න උත්සාහ කළා. ගොඩාක් අය කීව මේක මොළේ නැති ක්‍රීඩකයෙක් ගහන පහරක් කියලා. අපේ රටේ අයත් එහෙම කියන අය අතර හිටියා.
• කවුද ඩිල්ස්කූප් කියන නම දැම්මෙ?
මම ඒ පහර ගැහැව්වාම අයි.සී.සී. එකෙන් පණිවුඩයක් විස්තර විචාරකයන්ට එවල තිබුණා ඒකට නමක් එවන්න කියල. පසුව 2009 ලෝක කුසලාන තරගාවලියේ වීරයා වෙලා සම්මානය ගන්න ගියාම ක්‍රිකට් විචාරක නසාර් හුසේන් මගෙන් ඇහැව්වා "අපි ඔබේ පහරට නම් 4ක් එවල තියෙනවා මොකද්ද දාන්න කැමැති" කියල. ඒ අතරේ තිබුණ ඩිල්ස්කූප් කියන නමට මම කැමැතියි කිව්වාම ඒ වෙලාවේම ඒක ශබ්ද නඟා නසාර් හුසේන් ප්‍රචාරය කළා.
• ඒ ගැන තිබුණු ප්‍රතිචාර මොන වගේද?
සෑහෙන හොඳ ප්‍රතිචාර තිබුණා. මට ඒ කාලෙ පාරෙ යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබුණා. විශේෂයෙන් පාසලකට ගියාම ළමයි මගෙන් ඉල්ලීම් කළා ඒ පහර පුහුණු කරන්න කියලා. පුහුණුකරුවන්ගෙන් පවා දෙස් විදෙස් ඇමැතුම් ආවා මේ ගැන ක්‍රීඩකයන්ට පුහුණුවක් ලබා දෙන්න කියල.
• ක්‍රීඩාවෙන් එහාට ගියාම ඔබ මේ රටේ වකුගඩු රෝගීන් වෙනුවෙන් සත්කාරක වැඩසටහනකට දායක වෙනවා. ඒ ගැන කීවොත්?
ඔව්. සෑහෙන වැදගත් වැඩසටහනක් ඒක. ඒ සඳහා සම්බන්ධ වෙන්න කියල වත්මන් ජනාධිපතිතුමා දන්වා තිබුණා. ඒක අපේ දුප්පත් ජනතාව වෙනුවෙන් කරන සේවයක්. ඒකටත් දිගටම උදවු කරන්න දැන් මට අවස්ථාව උදාවී තිබෙනවා.
සිරිනාම රාජපක්ෂ
ඡායාරූප-ප්‍රදීප් දඹරගේ

පන්දු 65 ට 145 ක් ගැසූ මැක්ස්වෙල්ගේ අනගි විස්සයි20 ඉනිම(video)


දිනක්ෂිගෙන් රැප් එකක්


මේ වසර තුළ පමණක් ෆෙස්බුක්වලට එරෙහිව පැමිණිලි 1570ක්

Image result for facebook
2016 වසරේ ගත වු පළමු මාස 8 තුළ ෆෙස්බුක් වෙබ් අඩවිය සම්බන්ධයෙන් පැමිණිලි 1570ක් ලැබී ඇති බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්යාවක් ලැබී ඇත්තේ ව්‍යාජ ෆෙස්බුක් ගිණුම් සම්බන්ධයෙනි.
ඊට අමතරව ෆෙස්බුක් ගිණුම්වලට අනවසරෙයෙන් ඇතුළු වීම පිළිබඳව ද පැමිණිලි ලැබී ඇත.
ගත වු කාලය තුළ වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළු වී දත්ත වෙනස් කිරීම පිළිබඳව පැමිණිලි 6ක් පමණ ලැබී ඇති අතර අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ සිදුවීම් පිළිබඳව ද පැමිණිලි පහක් ලැබී ඇ

වැනි වැනී පාරේ ගිය ගුවන් හමුදා නිලධාරියා වෑන් රථයේ හැපුණ හැටි

වැනි වැනී පාරේ ගිය ගුවන් හමුදා නිලධාරියා 
වෑන් රථයේ හැපුණ හැටි CCTV

රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත නිලධාරියෙකු පසුගියදා රාත්‍රී කාලයේ සාදයක් නිමවී බීමතින් යද්දී කඳවුර අසළ පාරේ වෑන් රථයක හැපීම නිසා මරු දැක තිබුණා. ඔහු රාත්‍රී කාලයේ වාහනයේ හැපුණ ආකාරය දැක්වෙන CCTV වීඩියෝ මේ වනවිට ප්‍රසිද්ධ කර තිබේ. මියගිය ගුවන් හමුදා බලගණ සැරයන්වරයා

ගුවන් හමුදා කඳවුරට කුලී පදනම මත ලබාගත් වෑන් රථයටබීමත්ව වැනෙමින් පාර මැද සිටියදී හැපෙන අතර පසුව එම වෑන් රථය හෝ ඒ අසළට ආ ත්‍රීරෝද රථය හෝ යතුරු පැදිය තුවාල කරුට උදව් නොකර සිරුර පැත්තකට කර මාර්ගයේ ඉඩ ලබාගෙන පළා ගොස් තිබුණා.
මේ වනවිට වෑන් රථය පැදවූ ගුවන් හමුදා කඳවුරේ නිලධාරියා අත්අඩංගුවට පත්ව ඇත.
එම වීඩියෝව පහතින් 

ශ‍්‍රීලනිප 65 වන සංවත්සරයේ මෛත‍්‍රී වෙනුවට මහින්ද පිළිඅරන්

දමිළ නිවේදිකාව
මෛත‍්‍රී වෙනුවට මහින්ද පිළිඅරන්


 කුරුණෑගල මාළිගාපිටිය ක‍්‍රීඩාංගණයේදි පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන රැස්වීමට සාම්ප‍්‍රාප්ත වන අවස්ථාවේ 
සිංහලෙන් ඒ බව නිවැරදිව කිව්වද දමිළ භාෂාවෙන් කතා කළ නිවේදිකාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පිළිගන්නවා යයි කියා පසුව නිවැරදි කර තිබුණි.
මේ ආකාරයේ වැරදීම් මින් ඉහත අවස්ථා කිහිපයකත් උත්සව වල සිදුවී ඇත.
පහත පළවන්නේ නිවේදිකාවේ වරද පසුබිමෙන් ඇසෙන රැස්වීමේ වීඩියෝවකි.